hit counter

2023 දෙසැම්‍බර් මස 04 වන සඳුදා

2023 ජනවාරි 09, පෙ.ව. 6:57



චාමර වීරසිංහ කියලා කියන්නේ කවුද කියලා අමුතුවෙන් හදුන්වලා දෙන්න ඕනේ නැහැ.

ඔහු තමයි හදවතේ ගායකයා.

ඔහු නැති ප්‍රසංග වේදිකාවක් ගැන හිතන්නවත් බැරි තරම්.

ඒ වගේම ඔහු හරිම නිරහංකාර පුද්ගලයෙක්.

ඕනෙම කෙනෙක් එක්ක හරිම ලෙංගතු විදියට කතා කරන පුද්ගලයෙක්.

ඉතින් මේ හදවතේ ගායකයාට දැන් පුතෙක් ඉන්නවා.

පසුගිය දවසක අසනීප තත්ත්වයෙන් සිටි චාමර දැන් සුවයෙනුයි පසුවන්නේ.

චාමරට හමුවුණ අමුතු රසිකයෙන් ගැන මේක චාමරගේ අතීත කතාවක්.

“ප්‍රසංගයකට ගිහින් එන ගමන් මේ සිද්ධිය වුණේ. කඩයක් ළඟ නැවත්තුවා. මාව දැක්ක ගමන් අඳුනගත්තා කට්ටියක්. අපිටත් පරක්කු වෙලා තිබ්බෙ. මට කිව්වා ‘අපේ ගෙදරට යමු චාමර අයියේ! අපේ ගමේ අය අයියට පණ ඇරලා’ කියලා. මම කිව්වා පරක්කුයි කියලා. ඒත් බේරෙන්න බෑ! අන්තිමට මූ දැලි පිහියක් ඇදලා ගත්තා. ‘නෑ අයියේ ඔයා එන්නම ඕන. ඇවිල්ලා සතියක් නෑ ඇතුළේ ඉඳන්.’ කිව්වා. මම කිව්වා, මෙච්චර කැමති මාව මරන්නද යන්නෙ කියලා. නෑ අයියේ ඔයා කපන්නෙ නෑ, මම කපාගන්නවා’ කිව්වා. අන්තිමේදි යන්න වුණා. හැබැයි පරක්කුයි කිව්ව නිසා ඉක්මනින් එව්වා. මට දැන් ඇති ඔයා ආවානේ කියලා කිව්වා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: