hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 02, ප.ව. 1:22



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෑතකදී ලැබුණු වටිනාම ක්‍රීඩකයකු ලෙස ‘චාමික කරුණාරත්න’ නම් කරන්න පුළුවන්.

ඔහු බොහොම සටන්කාමී ක්‍රීඩකයෙක් වගේම තරඟ දිනවන්නෙකු ලෙස නම් කිරීම වඩාත් සුදුසුයි.

මේ චාමික කියන්නෙ, ක්‍රිකට් ක්‍රීඩාවට විතරක් නෙවෙයි මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, ඇතුළු තවත් ක්‍රීඩා කීපයකටම දක්ෂ දුර්ලභ ගණයේ ක්‍රීඩකයෙක්. 

ඔහු එතරම්ම සුවිශේෂී ක්‍රීඩකයෙක් වෙන්නේ අවසන් මොහොත දක්වාම කණ්ඩායමට ඔහුගෙන් අවැසි ඒ උදව් උපකාර සහයෝගය දෙන්න දෙපාරක් හිතන් නැති ධෛර්ය සම්පන්න ක්‍රීඩකයෙක් නිසයි.

ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක් බවට පත්වෙන චාමිකට අද අවස්ථාව උදා වෙලා.

පසුගියදා පැවැති ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියට සහභාගි වන අතරවාරයේදී ඕස්ට්‍රේලියාවේ කැසිනෝ සමාජ ශාලාවකදී ඇති කරගත් රණ්ඩුවක් හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ගැන සමාජයේ අන්දෝලනාත්මක කතාබහක් ඇති වුණා. 

චාමික පසුගියදා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ඔහුගේ ඡායාරූපයක් පල කරමින් සටහනක් පළ කරලා තිබුනා.

එම සටහන ඔහු පළ කර ඇත්තේ පසුගිය කාලයේදී ජීවිතයේ වුණු විවිධ හැලහැප්පීම් නිසා විය හැකියි.

“මොනතරම් නරක දේවල් සිදු වුවද, අවසානයේ හිරු පායනු ඇත. ඔබ ඔබේ ඉලක්ක ලුහුබැඳ ඇත්නම්. අවසානයේදී යහපත් මිනිසුන්ට යහපත් දේ සිදුවේ. තම අරමුණු මත තබාගෙන සිටින පුද්ගලයෙකුට යහපත් දේ සිදුවනු ඇත. සෑම කෙනෙකුම විපත්ති සමඟ කටයුතු කරයි, එය ඔබ එයින් ආපසු එන ආකාරයයි පෙන්වනු ඇත…”

No matter how bad things get, eventually the sun is going to shine. If you just keep at it. Pursuing your goals, eventually good things happen to decent people. For a person who is set on his goals, good things will happen. Everyone deals with adversity, it’s how you bounce back from it.

CK29





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: