hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 නොවැම්‍බර් 27, පෙ.ව. 5:28



ග්‍රෑන්ඩ්පාස්, සමගිපුර, මහල් නිවාස සංකීර්ණයක තුන්වැනි මහලේ නිවසක නිදා සිටි අවුරුදු එකහමාරක කුඩා පිරිමි දරුවකු, මවගේ වැඩිමහල් සොහොයුරා විසින් බිමට විසිකර දැමීමෙන් මරුමුවට පත් වී තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය පිරිමි දරුවාගේ මවගේ වැඩිමල් සොහොයුරා (මාමා) අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පැවසුවා.

මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ මොහොමඩ් යූසුෆ් නමැති කුඩා දරුවෙක්.

අත්අඩංගුවට පත් 35 හැවිරිදි සැකකාර මාමා මානසික රෝගාබාධයකින් පෙළෙන අයකු බව හෙළිවිණැයි පොලිසිය සඳහන් කරයි.

මොහු කාලයක් අංගොඩ මානසික රෝහලේ නේවාසිකව හිඳ ප්‍රතිකාර ගෙන ඇතැයි හෙළි වූ බව ද පොලිසිය පවසයි.

මෙම අපරාධය සිදුවූ අවස්ථාවේ ඝාතනයට ලක් වූ දරුවාගේ මවු එම නිවසේ අනෙක් කාමරයේ අනෙක් දරු දෙදෙනා බලාගෙන සිට ඇත.

සැකකාර මාමා නිදා සිටි දරුවා අසලට ගොස් එක්වරම දරුවා ඔසවා පහළට විසි කර දමා ඇතැයි හෙළි වූ බව ද පොලිසිය පවසයි.

දරුවා බිමට වැටීමත් සමග ඒ ස්ථානයට රැස් වූ පිරිස දරුවාව වාහනයකින් බොරැල්ල රිජ්වේ ආර්යා රෝහලට ඇතුළත් කළ ද එහිදී පරීක්ෂා කළ වෛද්‍යවරුන් දරුවා මියගොස් ඇති බව ඥාතීන්හට පවසා තිබෙනවා.

“තමාට කිසියම් කෙනෙක් කනට කරලා අරක කරන්න මේක කරන්න කියලා කියනවා. ඒ කියන දේ මං කරනවා” යැයි ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පොලිසියට පවසා තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තාරක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශ්ශංක මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: