hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 11, පෙ.ව. 10:30



විදෙස් රටවල සහ නොයෙකුත් ව්‍යාපාරවල මුදල් තැන්පතු කිරීම හරහා ඉහළ ලාභදායී මුදලක් ලබා දෙන බව පවසා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ තිලිණි ප්‍රියමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ – ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහල කුළී පදනම මත ලබාගෙන සුඛෝපභෝගී කාර්යාලයක් පවත්වාගෙන යාමටයි සැකකාරිය කටයුතු කර තිබුනේ.

ඒ සදහා ඇය මාසිකව ගෙවා ඇති මුදල රුපියල් ලක්ෂ 16 ක්.

කෝටිපති ව්‍යාපාරිකයන්, ප්‍රබල දේශපාලනඥයින් ප්‍රසිද්ධ වෛද්‍යවරුන් ඇතුලු විශාල පිරිසක් මෙම සැකකාරියගේ ආයතනයට මුදල් යොදා තිබුනේ ඉහළ පොලියක් ලබා ගැනීමේ අරමුනින්.

කලාකරුවන් රැසකගේ නම් ද තිළිණි ප්‍රියමාලි සමඟ සම්බන්ධ බවට සමාජ මාධ්‍යයේ වාර්තා පළ වී ඇති අතර, ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සිය නිල ෆේස්බුක් පිටුවට සටහනක් එක්කර තිබුණේ ඊට ප්‍රතිචාර දක්වමින්.

මෙම තොරතුරු දේශපාලනිකව පළ කරන අසත්‍ය තොරතුරු බවත්, තමන්ට ඇය සමඟ හෝ ඇයගේ ව්‍යාපාර සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් දමිතා අබේරත්න එමගින් අවධාරණය කර තිබුණා.

තමන් සහභාගී වූ උපන් දින සාදයක දී ගර්භනී මව්වරුන් වෙනුවෙන් කළ පරිත්‍යාගයක ඡායාරූප යොදා ගනිමින් ව්‍යාජ ඡායාරූප සකස්කර ඇති බවත් ඊට එරෙහිව නිතිමය පියවර ගන්නා බවත් ඇය සඳහන් කළා.

එම සටහන පහතින්,

“මාගෙත් තවත් සහෝදර කලාකරුවෝ කිහිප දෙනෙකු ගැනත් තිලිණි ප්‍රියමාලි නැමැති කාන්තාවකගෙ කූට ව්‍යාපාරවලට මමද හවුල් වූ බවට කියැවෙන වට්සාප් පණිවිඩ වගේම මෙවැනි පින්තූර පාවිච්චි කරමින් මේ තබන සටහන් සහ මේ සියලු පුවත් මවමින් සමාජ මාධ්‍ය ජාලා වල පවා කරන මේ දේශපාලණික වගේම මා අරගලය වෙනුවෙන් පෙනී සිටි නිසා සහ මේ කාලකන්නි ක්‍රමවේදයට විරුද්ධව අරගල කල ප්‍රසිද්ධ චරිතයක් වුනු නිසාම මේ වැනි අසත්‍ය තොරතුරු පල කරමින් මේ කරන්නාවූ පහත් දේවල් වලට පිලිතුරු දිය යුතුයි කියා මා සිතනවා.මේ කියන්නාවූ කිසිදු දෙයකට හෝ මේ තිලිණි නැමති අය සමග කිසිදු සම්බන්ධයක් මා සමග නැති බවත් මේ කිසිදු ව්‍යාපාරයකට හෝ මේ පවසන ආකාරයේ කිසිදු දෙයකට මාකිසිදු සම්බන්ධයක් නැති බව තරයේ ප්‍රකාශ කරමි..

මා සම්බධයෙන් මෑතකදී ඇති වු දේශපාලනික ප්‍රවණතා නිසා වගේම රාජපක්ෂ රෙජීමය පමණක් නොව මේ ක්‍රමවේදයේ සිටින සියලු හොරුන් පාට පක්ෂ භේදයකින් තොරව පිරිසිදු කිරීමට දැනුත් වගකීමෙන් වැඩ කරන බවත් මෙවැනි මඩ ගැසීම් මා වෙනුවෙන් තව තවත් තීව්‍රව කරගෙන යාමට මේ ක්‍රමවේදයේ මිනිසුන් වගේම වෘත්තීය වශයෙන් මුහුණට හොද පෙන්වා යටින් ගිණි අරගෙන යන (මේ ක්‍රමවේදය රටේ ස්ථාපිත කරන්නට උරදුන්) වෘත්තීය කුහකයින් පිරිසක්ද දැඩිව උත්සාග ගැනීමක් මේ මොහොතේ සිදුවෙමින් පවතී..ඒ අතර මට ශක්තියක් වෙමින් මෙවැනි පුවත් තරයේ හෙළා දකින උතුම් බහුතර පිරිස අගයන්නටද ඒ අය මා හට දෙන ආශීර්වාදයට ස්තූති කිරීමටද ගෞරවය දැක්වීමටද මා අමතක කරන්නේ නෑ..

පෞද්ගලිකවම මා හට අපහාස කිරීමේ අරමුණින් මාධ්‍යවේදී නම් ව්‍යාජව සකසා ගනිමින් fake profile හදාගනිමින් මේ සුදුකරන්නාවූ පදනම් විරහිත චරිත ඝාතන සම්බන්ධයෙන් මෙහි නම් සදහන් සියලු කලා ශිලිපීන් නීතිමය පියවර ගන්නා බවත් මෙවැනි අසත්‍ය දේවල් ප්‍රචාරය කරමින් සිතාමතා ඒ කටයුතු වලට උදවු වන සියලු දෙනාටත්(මේ පෝස්ට් share කරන) නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පැහැදිලිවම සදහන් කරමි.

කඩාවැටුණු මේ රට ගොඩ ගැනීම වෙනුවෙන් අප ඉදිරියේදීත් කරන්නාවූ කැපකිරීම් මෙවැනි අපහාස කිරීම් මඩ ගැසීම් හමුවේ හෝ නින්දා අපහාස ගැරහුම් හමුවේ මැඩලිය නොහැකි බවත් සදහන් කල යුතුයි..

ඒ වගේම මේ පෝස්ට් වල දමා ඇති පින්තූරු පේශල මනෝජ් සහෝදරයාගේ ආදරණීය බිරිද පූර්ණිකාගේ උපන් දිනය වෙනුවෙන්මා සගභාගී වුනු මොහොතේ ගැබිනි මවුවරුන් වෙනුවෙන් පූර්ණිකා කල පරිත්‍යාගයට මාවද එක්කර ගත් මොහොතේ ගත් ඡායාරූප බවත් සත්‍ය වශ්‍යෙන්ම කලා ලෝකේ සහ මේ කූට ව්‍යාපාර වෙනුවෙන් සම්බන්ධ වුනු පිරිස හැකි ඉක්මණින් මේ රටට ජනතාවට හෙළි කරන ලෙසත් ඉල්ලීමක් කරමි..මෙවැනි සාවද්‍ය තොරතුරු සපයන සියලු දෙනා තරයේ හෙළා දකින් අතර ගෞරවාන්විතව මාධ්‍යය හසුරවමින් කටයුතු කරන මාධ්‍යවේදීන්ට මගේ කෘතගුණ දක්වමි…ස්තූතියි”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: