hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 03, පෙ.ව. 6:02



මේ දිනවල දෙරණ නාලිකාව ඔස්සේ විකාශනය වන ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ විහාර ටීචර්ගේ චරිතය හරහා අපේ රටේ කාගේත් ආදරය දිනාගෙන ඉන්න දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි දමිත්‍රී සුබසිංහ කියලා කියන්නේ.

ඒ වගේම ඇය දක්ෂ නර්ථන ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් රංගනයට නර්ථනයට අමතරව ඇය දැන් ඇයගේ උපාධියේ අවසන් අවුරුද්දේ අධ්‍යාපනය හදාරනවා.

ඒ වගේම ඇය ඉගෙනීමේ වැඩ කටයුතු කරගන්න ගමන් නැටුම් පන්තියකුත් කරගෙන යනවා කියලයි අපටනම් දැනගන්නට ලැබුනේ.

ඒ වගේම ඇයට පසුගිය රයිගම් සම්මාන උලෙළේ ජනප්‍රියම නිළියන් අතරින් අවසන් පස්දෙනා අතරට ඒමට හැකියාව ලැබුණා.

කොහොම නමුත් නිළියක් වෙන්න ඇය කවදාවත් හීන දැකපු කෙනෙක් නෙවෙයි කියලයි දමිත්‍රී නම් කියන්නේ.

ඒ වගේම ඇය වෘත්තියෙන් පෞද්ගලික බැංකු නිලධාරිනියක් ලෙසත් කාලයක් සේවය කළා.

ඉතින් රාජකාරි වැඩ කරන අතරතුරේ තමයි ඩාන්සිං වැඩත් කරලා තියෙන්නේ. කොහොම නමුත් ඇයට රංගන ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුනේ 2019 දෙරණ අවුරුදු කුමරිය වීමෙන් අනතුරුවයි.

ඉතින් ඒ වගේම ඇය කාලය ඉඳන් පෙම්වතියක් කියන්නත් අපේ රටේ බොහෝ දෙනෙක් දන්නවා.

ඉතින් දම්ත්‍රීගේ ආදරණීය පෙම්වතාගේ නම තමයි කේසර කියලා කියන්නේ.

ඔහුත් බැංකු ක්ෂේත්‍රයේ වැඩ කරන කෙනෙක්. ඉතින් මේ දෙන්නා ඉස්සර එකට තමයි බැංකුවේ වැඩ කරලා තියෙන්නේ.

කොහොම නමුත් කාලයක් හොඳම යාළුවො වගේ ඉඳලා තමයි පස්සේ ඔවුන් දෙන්නා ආදරවන්තයින් වෙලා තියෙන්නේ.

ඒ වගේම 2021 සිරස අවුරුදු කුමරා තරගයේ දෙවැනි ස්ථානය දිනගත්තෙත් කේසර.

ඉතින් ඊට පස්සේ ඔහුටත් රංගනයට ඇරයුම් ලැබුණත් ඔහු කැමති වුණේ බැංකු ක්ෂේත්‍රයේම ඉදිරියට යන්න කියලයි දමිත්‍රී කියන්නේ.

හැබැයි ඇය කළා ක්ෂේත්‍රයේ ඉන්නවට ඔහුගේ අකැමැත්තක් නැහැ කියලත් ඇය කියනවා.

ඒ වගේම ඔහු ඇයට මේ ගමන යන්න ලොකු සපෝට් එකක් ලබා දෙනවා කියලත් ඇය කියනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: