hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 11, ප.ව. 12:01



ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට ස්ත්‍රී දුෂණ චෝදනාවක් එල්ල වූණා.

එම ඔස්ට්‍රේලියානු තරුණිය සිඩ්නි නුවර රෝයල් ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් රෝහල වෙත ගොස් ලිංගික අඩත්තේට්ටම් පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියට භාජනය වී ඇති අතර මොළයේ ස්කෑන් පරීක්ෂාවක් ද සිදුකර ඇත්තේ තමාට හුස්ම සිරවීමකට ලක් වීමෙන් හානියක් වී ඇත්දැයි පරීක්ෂා කිරීමටයි.

නිව්ස් ඩොට් කොම් ඔස්ට්‍රේලියා වෙබ් අඩවියේ වාර්තාවට අනුව සිඩ්නි නුවර රෝස් – බේ හී පදිංචි 29 හැවිරිදි එම කාන්තාව සමගින් ටින්ඩර් නැමැති අන්තර්ජාල යෙදුම හරහා ධනුෂ්ක ගුණතිලක මුල්වරට සම්බන්ධ වී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 29 වැනිදායි.

ඉන්පසුව ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් ඔස්සේ ඔවුන් අතර සංවාද සිදුව තිබෙනවා.

සිඩ්නි පොලිස් වාර්තාවට අනුව මෙම කාන්තාවට තමා බැලීමට බ්‍රිස්බේන් නුවරට පැමිණෙන ලෙස ධනුෂ්ක ඇවිටිලි කර ඇති අතර ඇය එය ප්‍රතික්ෂේප කළ නිසා වීඩියෝ ඇමතුම් මාර්ගයෙන් සම්බන්ධ වී තිබෙනවා.

කෙසේවෙතත් පසුව සිඩ්නි නුවරදී දෙදෙනා හමුවීමට එකඟ වූ බව සඳහන් වෙයි.

ඒ අනුව සිඩ්නි නුවරදී Circular Quay හී ඔපෙරා අවන්හලේදී නොවැම්බර් දෙවැනිදා රාත්‍රී 8.20ට පමණ දෙදෙනා හමුවී තිබෙනවා.

අධිකරණ වාර්තාවට අනුව ඔවුන් පැය භාගයක පමණ කාලයක් අවන්හලේ ගතකර ඇති අතර දෙදෙනාම මත්පැන් පානය කර තිබෙනවා.

ඉන්පසු පීසා අවන්හලකට ගොස් රාත්‍රී භෝජනය ලබාගෙන ඇති අතර ඔවුන් කාන්තාවගේ නිවසට යාමට මගී යාත්‍රාවකට ගොඩවීමට තොටුපල වෙත ගොස් ඇති බව අදාළ වාර්තාවේ සඳහන්.

එලෙස මගී යාත්‍රාව පැමිණෙන තුරු සිටින අතරතුරත් යාත්‍රාවේදීත් ධනුෂ්ක තමාව බලහත්කාරයෙන් සිපගත් බව ඇය පවසා

අධිකරණ වාර්තාවට අනුව ඔවුන් පැය භාගයක පමණ කාලයක් අවන්හලේ ගතකර ඇති අතර දෙදෙනාම මත්පැන් පානය කර තිබෙනවා.

සිඩ්නි පොලීසිය අධිකරණයට වාර්තාකර ඇති අකාරයට සඳහන් වන්නේ නිවසට පැමිණි වහාම ධනුෂ්ක ඇය සමඟ ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වූ බවයි.

හදිසි නොවන්නැයි තමා ඇවිටිලි කළද ධනුෂ්ක එය ප්‍රතික්ශේප කළ බවත් අදාළ කාන්තාව පවසා

අධිකරණ වාර්තාවට අනුව ඔවුන් පැය භාගයක පමණ කාලයක් අවන්හලේ ගතකර ඇති අතර දෙදෙනාම මත්පැන් පානය කර තිබෙනවා.

.කෙසේ නමුත් පසුව අනාරක්ෂිත අයුරින් ධනුෂ්ක තමා සමග ලිංගිව හැසිරුණු බවත් එම කාන්තාව සඳහන් කර

අධිකරණ වාර්තාවට අනුව ඔවුන් පැය භාගයක පමණ කාලයක් අවන්හලේ ගතකර ඇති අතර දෙදෙනාම මත්පැන් පානය කර තිබෙනවා.

.එම කාන්තාව වැඩිදුරටත් පවසා ඇත්තේ ධනුෂ්කගේ හැසිරීම්වලින් තමා දැඩි කායික පීඩාවකට ලක් වූ බවයි. 

එහිදී තමා දැඩි කම්පනයකට ලක් වූ බවත් අධික ශීතලකට නිරාවරණය වූ බවත් ඇය සඳහන් කර තිබෙනවා. 

කුලී රථයක් තමන් ලවා ගෙන්වාගෙන රාත්‍රී 1ට පමණ ධනුෂ්ක සිය නිවසෙන් නික්මුණු බවත්, පසුදින උදෑසන අවදි වූ තමාට ශාරීරිකව ඇතිවූ අපහසුතා නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට සිදු වූ බවත් මෙම කාන්තාව පැවසූ බව සඳහන්.

සිඩ්නි නුවර බොන්ඩි (Bondi) පොලිස් ස්ථානය වෙත ගිය තමා ප්‍රකාශයක් ලබාදී ධනුෂ්ක සමග හුවමාරු කර ගත් පණිවුඩ, දුරකතන සංවාද සහ ඡායාරූප තොරතුරු ලබා දුන් බවත් ඇය සඳහන් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: