hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 19, පෙ.ව. 9:25



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට නියම කළ ඕස්ට්‍රේලියානු ඩොලර් 150000ක ඇප මුදල ලබා දී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් බවත් එම කාන්තාවට ධනුෂ්ක ගුණතිලක සමග තිබෙන සම්බන්ධය කුමක්දැයි තවමත් හෙළිවී නොමැති බව වාර්තා වනවා.

ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ධනුෂ්ක ගුණතිලකට සහාය වීම සඳහා ඉදිරිපත් වී තිබෙනවා.

ඇප ලබා ගැනීමේදී ඕස්ට්‍රේලියානු පොලිසියට ස්ථිර ලිපිනයක් ලබා දීමට අවශ්‍ය බැවින් එරට සිටින ධනවත් පුද්ගලයෙකුගේ නිවසක ලිපිනයක් ගුණතිලක හට ලබා දී ඇති අතර ඔහු එම නිවසේ වාසය කරනු ඇති බව ආරංචි මාර්ග පෙන්වා දුන්නා .

නඩුව අවසන් වන තෙක් ඔහුගේ වියදම් දැරීමටද ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් ඉදිරිපත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ධනුෂ්ක ගුණතිලක මහතාට එරෙහි නඩුව නැවත වරක් ජනවාරි 12 කැඳවීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: