hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2025 ජනවාරි 05, පෙ.ව. 12:07



මේ කියන්න යන්නේ තවත් එක් සංවේදී පුවතක් ගැන කතාවක්.

විදුලි සැර වැදීමෙන් පාසල් සිසුවියක් මිය ගොස් ඇති සංවේදි පුවතක් ඇසෙන්නේ හසලක ප්‍රදේශයෙන්.

මෙසේ මියගොස් ඇත්තේ හසලක තෝරපිටිය ප්‍රදේශයේ පදිංචි මෙත්මි සිතුම් කුමාරි නම් 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්.

ඇය මවගේ ජංගම දුරකථනය ද රැගෙන සිය කාමරයට ගොස් ඇති අතර ඉන් මද වේලාවකට පසුව කෑ ගසන ශබ්ධයක් නිවැසියන්ට ඇසී තිබෙනවා.

කෑ ගැසීම හේතුවෙන් ඔවුන් කාමරය වෙත ගොස් ඇති අතර එහිදී අදාළ දැරිය ඇය නිදාගන්නා යකඩ ඇඳ අතින් අල්ලාගෙන කෑ ගසමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

දැරියගේ මව ඇයව ස්පර්ශ කළ විට මවට ද විදුලි සැර වැදී තිබෙනවා.

කෙසේ වෙතත් විදුලි සම්බන්ධතාව විසන්ධිකර ඇයව රෝහල් ගත කර ඇති අතර එහිදී ඇය මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: