hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 30, පෙ.ව. 5:24



කොස්මෝදර, වරල්ල, උවරගල ප්‍රදේශයේ නිවසක අඹුසැමි යුවළක් අතර බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකට මැදි වූ 09 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දෙදෙනා අතර ඇතිවූ ගැටුම අතර තුර පියා විසින් මවට එල්ල කරන ලද පිහි පහරක් අනපේක්ෂිත ලෙස දරුවාගේ හිසේ වැදී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී බරපතල තුවාල ලැබූ දරුවා ප්‍රතිකාර සඳහා මොරවක – කොස්නිල්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙම දරුවා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පිහි පහර එල්ල කළ පියා මාතර ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක නිත්‍ය ගායන ශිල්පියෙකු ලෙස කටයුතු කරන අයෙක් බවයි වාර්තා වුණේ.

සැකකාර පියා මොරවක පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරණු ලබනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: