hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 ජනවාරි 11, පෙ.ව. 5:54



ලංකාවේ නිර්මාණය වන නව ගීත සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ ගීත රචකයෙක්, ගුරුවරයෙක් වන ධම්මික බණ්ඩාර මහතා අදහස් දැක්වීමක් සිදු කරනු ලැබුවා.

ඒ ආචාර්ය බොකන්ඔරුවේ දේවනන්ද හිමියන්ගේ බෞද්ධ කෘති දොරටවැඩීමේ උත්සවයට සහභාගී වෙමින්.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“අපේ ලංකාවේ සිංදු වලට වෙලා තියෙන සිංදු හරි අමුයි. දැන් මේ සංගීතය විශිෂ්ටයි. දැන් නවත්තගම ඒ මහත්තයා නම් දාන්න ගියාම සර්පිනාව ගත්තා. දෙනවා ලස්සන එකක්. දැන් ඊට පස්සේ මේවත් එක්ක එන වචන ගනුදෙනුව ගත්තහම ඕක අර දයාන් මහත්තයත් කිව්වා. නවරත්න මහත්තයත් කිව්වා. හරි කටුකයි. කර්ණ කටුකයි. දැන් ප්‍රේමය වුණත් ප්‍රකාශ කරන ක්‍රමයක් තියෙනවනේ. දැන් හොම්බට ඇන්න අපි කියන්නේ අර ග්‍රාමීය වචනයෙන් කිව්වම රෙද්ද කැඩුවා වගේ. මං ඔයාට ආදරෙයි. ඔයා මට ආදරෙයිද? මට ඔයා මතක් වෙනවා. ඔයාට මාව මතක් වෙනවද? ඔයාට තනියිද? මට දැන් තනියි. ඔයා මාව දාලා යනවා ද? මං ඔයාව දාලා යන් නෑ. ඔයාට මාව එපා ද? මට ඔයාව ඕනේ. මට ඔයාට මාව එපා නං ඇයි කලින් කිව්වේ නැත්තේ? මට අර හන්දියෙන් හැරිලා යන්න තිබුණා. මට ඔයාගේ නළල මතක් වෙනවා. ඇහි බැම මතක් වෙනවා. ඇහේ පිහාටු මතක් වෙනවා. ඇහේ බබා මතක් වෙනවා. උණ්ඩුක පුච්චය මතක් වෙනවා. පිත්යාශය මතක් වෙනවා. දැන් මේ විදිහට තමයි මේ ලංකාවේ මේ ගීත රචනා කලාව හැදිලා තිබෙන්නේ.

ඊළඟට මේ ගායකයෝ මේවා ගායනා කරන්නේ ඉන්ජෙක්ෂන් ගහන්නේ නැතුව, දත් ගලවන ටොන් වලින් හාමුදුරුවනේ. ඒ කියන්නේ අපිට හරියට ඉන්ජෙක්ෂන් එක ගහන්නේ නැතුව දත ඇද්දොත් මොනවාගේ නාද රටා? නවරත්න මහත්තයාට ඕන නම් පිච් එක අල්ලන්න පුළුවන්. මොනවා හරි නාද රටා අපේ මුවෙන් පිටවෙනවද අපේ, මැලේසියාවේ නායක හාමුදුරුවනේ, මෙච්චරයි කියන්නේ.රිදෙනවා ඉන්න බැහැ කකියනවා ආච්චිට හාල් ගරන්න මොන මගුලක්ද මේ කරන්නේ? මං ඔයාට ආදරෙයි. ඔයා මට ආදරෙයිද? මට ඔයා මතක් වෙනවා. ඔයාට මාව මතක් වෙනවද? ඔයාට තනියිද? මට දැන් තනියි. ඔයා මාව දාලා යනවා ද? මං ඔයාව දාලා යන් නෑ. ඔයාට මාව එපා ද? මට ඔයාව ඕනේ. මට ඔයාට මාව එපා නං ඇයි කලින් කිව්වේ නැත්තේ? මට අර හන්දියෙන් හැරිලා යන්න තිබුණා. මට ඔයාගේ නළල මතක් වෙනවා. ඇහේ මතක් වෙනවා. ඇහේ පිහාටු මතක් වෙනවා. ඇහේ බබා මතක් වෙනවා. උණ්ඩුක පුච්චය මතක් වෙනවා. පිතයාශය මතක් වෙනවා. දැන් මේ විදිහට තමයි මේ ලංකාවේ මේ ගීත රචනා කලාව හැදිලා තිබෙන්නේ.

ඊළඟට මේ ගායකයෝ මේවා ගායනා කරන්නේ අ ගහන්නේ නැතුව, දත් ගලවන ටොන් වලින් හාමුදුරුවනේ. ඒ කියන්නේ අපිට හරියට ඉන්ජෙක්ෂන් එක ගහන්නේ නැතුව දත ඇද්දොත් මොනවාගේ නාද රටා? නවරත්න මහත්තයාට ඕන නම් පිච් එක අල්ලන්න පුළුවන්. මොනවා හරි නාද රටා අපේ මුවෙන් පිපෙනවද අපේ, මැලේසියාවේ, නායක හාමුදුරුවනේ, මෙච්චරයි කියන්නේ. ඉන්න බැහැ, කකියනවාත් ආච්චිට හාල් ගරන්න මොන මගුලක්ද මේ කරන්නේ? අම්මෝ දැන් මේ ලේලන්ඩ් බස් එක්ක බෆල් එකක් යටින් ඉඳගන්නකෝ රේනඩ් බස් එක. බෆල් එකක් යටින් ඉඳගන්නවට වඩා හොඳයි හදිසි අනතුරු වාට්ටුවට මයික් එකක් දාලා, මිශ්‍රර් එකක් දාලා, ඈම්ප් එකක් දාලා, එතනින් වයර් ඇදලා, කනේ ගහගත්තා නම්.

දැන් ලංකාවේ අතිශයින් මිහිරි සංගීතයට මේ වගේ හානියක් කරපු අඳබාලයෝ කවුද? දැන් මේවා මේ වාගේ තැන්වල අපි කතා කරන්න ඕනේ. නැතුව මේ මොකද ටීවී එකේ කතා කෙරුවාට ටීවී බලන එවුනුත් නැහැනේ දැන්. ඒ නිසා අපි මේ පණිවිඩය අරගෙන ඉස්සරහට යන්න ඕනේ. ඉතින් මට මතකයි ඉස්සර ජනකවියක්. මේ ජන කවියෝ කොච්චර ලස්සනට සන්නිවේදනය කරාද? පස්වසේ මේ අපේ ජන කවිය හොරකම් කරගෙන අපේ සුනිල් ආරියරත්න මහත්තයා, සිරිබූ අයියා චිත්‍රපටියටත් දැම්මා. දැන් මේ ඉස්සර කරත්තකාරයෝ, දකුණු පළාතේ ඉඳන් බදුල්ලට යනවා. කරත්තකාරයෝ කියන්නේ අද ලොරිකාරයෝ වගේම තමයි. පවුල් පහක් විතර තියෙනවා මගදියට. එහෙම නැහැ ඉතින්. අපිටත් එහෙම තියෙන අවස්ථාත් තියෙන්න පුළුවන්. පහක් විතර තියෙනවා. ඔය අතරේ තාවකාලික නවාතැන් තියෙනවා. ඒ වගේම ප්‍රේමණීය නවාතැනුත් තිබෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: