hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 14, පෙ.ව. 7:02



මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලිගේ මාධ්‍ය විශේෂඥයන් දෙදෙනා වන සුරංගි කොඩිතුවක්කු සහ ධනංජය නානායක්කාර ඊයේ (13) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා.

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය තිලිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරික ආයතනයේ කාර්ය මණ්ඩලය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධනංජය නානායක්කාර කියා සිටියේ මෙවැනි ප්‍රකාශයක්.

“මේ ප්‍රශ්නය එද්දි මම මේ ආයතනයට සම්බන්ධ වෙලා දින තුනයි. රැකියාවක් කෙනෙක් තෝරගන්නකොට ඒ රැකියාව ඇතුලට ඒ ආයතනය ඇතුලට කිඳා බැහැලා රැකියාවකට යන්නේ නැහැ. රාජකාරි මට්ටමෙන් පැවරිලා තියෙන කටයුත්තක් නම් ඒ කටයුත්ත හරියාකාරව ඉටු කරන්න ඕනේ. පසුගිය කාල සීමාව තුල සුරංගි කොඩිතුවක්කු ඇගේ රාජකාරිය කරගෙන ආවා. ඇගේ රාජකාරිය තමයි ඉදිරියට මම රැගෙන යන්නට මේ ආයතනයට සම්බන්ධ වුණේ. එතකොට මේ ආයතනයේ උත්සව අවස්ථා, ප්‍රවර්ධන කටයුතු කොහොමද කරන්නෙ කියලා කතාබහ කරමින් සිටියේ. පසුගිය කාල සීමාවෙදි අපි උත්සව අවස්ථා විශාල ප්‍රමාණයක් සංවිධානය කලා. සමස්ථයක් විදිහට ගත්තොත් සුදුයි කියන ව්‍යාපාර කොහෙවත් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. මේ ආයතනයේ සේවයෙන් අපි ඉවත් වෙලා නැහැ. තවම ආයතනය පවත්වාගෙන යනවා. මේ සතු අන්තයෙත් ලොකු ඉවෙන්ට් එකක් කරනවා. ඇයව අත් අඩංගුවට ගන්න දවසේත් සභාපතිතුමිය කීවේ “මේ ආයතනයේ වැඩකටයුතු ඔයාලා කරගෙන යන්න” කියලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: