hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 15, පෙ.ව. 7:22



සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මහනුවරදී එම්. එස්. දිනූෂ ලක්ෂාන් නමැති බොක්සිං ක්‍රිඩකයා පැහැරගෙන ගොස් පහරදී කපා කොටා පුළුස්සා ඇතැයි ඔහුගේ ඥාතීන් පවසනවා.

ඔවුන් සදහන් කළේ හන්තාන සුළං ක්‍රිඩාංගණය ආසන්න පාඵ ප්‍රදේශයක දමා ගොස් සිටියදී දිනූෂ ලක්ෂාන් හමුවූ බවයි.

මහනුවර රෝහල් පටුමඟේ පිහිටි සිය නිවසේ නිදා සිටියදී යතුරු පැදියක් සම්බන්ධයෙන් වූ ගණුදෙනුවක් පිළිබඳව කතා කරගැනීමට යැයි පවසමින් පුද්ගලයකු රෝහල් පටුමඟ හංදියට කැඳවාගෙන ගොස් එහිදී ත්‍රී රෝද රථ දෙකකින් පැමිණි මැර කණ්ඩායමක් යොදවා තම පුතුට යකඩ පොඵවලින් පහරදී පැහැරගෙන ගොස් ඇති බවට දිනූෂ ලක්ෂාන්ගේ පවුලේ ඥාතීන් සදහන් කරනවා.

ලක්ෂාන්ගේ ඥාතීවරයෙකුවූ සුරේෂ් ලක්මිණ මහතා පැවසුවේ තම ඥාතී පුතු වහාම මහනුවර මහ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුලත් කළ බවත් ඔහුට එම ප්‍රහාරය කිසියම් ආරක්ෂාක අංශයකින් සිදුකළ බවට ඔහු පැවසූ බවත් වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: