hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 15, ප.ව. 3:28



භික්ෂූන් වහන්සේ නමක් විසින් තමන් දියසෙන් කුමරු බව පවසමින් උත්සවයක් සංවිධානය කර ඔටුනු පළඳවා ගෙන තිබෙනවා.

ඒ සඳහාම සූදානම් කරන ලද විශේෂ ඔටුන්නක් විශේෂ ආසනයක සිට එම භික්ෂූන් වහන්සේ විසින් පලදාගෙන ඇත්තේ එහි පැමිණ සිටි අයගේ සාධුකාර හඬ සහ මගුල් බෙර වාදනය මැදයි.

එම විශේෂ ආසනය පිටුපස ‘දියසෙන් ධර්ම රාජ්‍ය’ ලෙස සදහන් පුවරුවක්ද දක්නට තිබෙනවා.

එම භික්ෂූන් වහන්සේ දියසෙන් කුමරු ලෙස කුරුළ පලදිද්දී ආසන්නයේ සිටි පුද්ගලයකු ගාථා ස්වරූපයෙන් පවසන්නේ මෙසේ පිහිටුවන්නේ දියසෙන් න්‍යෂ්ඨික බලය හා දියසෙන් ආර්ථික ශක්තිය සහිත දියසෙන් ධර්ම රාජ්‍යය බවයි.

නිරමුල්ලේ ඤානවිජය නම් වූ එම ස්වාමින් වහන්සේ පවසා ඇත්තේ තමන්ට මෙම දියසෙන් බලය චක්‍රවර්තී බලයක් ලෙස ලැබුණු බවයි.

ස්වාමින් වහන්සේ ඒ සම්බන්ධයෙන් පුවත්පත් සාකච්චාවකට සහභාගී වෙමින් කියා සිටියේ මෙවැන්නක්.

“මෙම දියසෙන් බලය කියන්නේ චක්‍රවර්තී බලයක්. මේ කිරුල කියන්නේ කාම කිරුළක් නෙමෙයි. මම මේ ධර්ම රාජ්‍ය ගොඩනගනවා. එවැනි ප්‍රතිපතියක් මේ ලෝකේ නැහැ අලුතින් මම ගොඩ නගනවා. කිරුල මම අධිෂ්ඨානය සදහා තමයි ඒ වෙලාවේ හිස මත තබා ගත්තේ.මම මේක මාස කිහිපයක ඉඳලම සමාජයට ඉදිරිපත් කළා. එම කිරුල රත්‍රන් රිදී සහ මැණික් වලින් නිර්මාණය කරලා තියෙන්නේ. ඒක කෝටියකට අසන්න වටිනා කමකින් යුක්ත වෙනවා. ඒක මේ විශ්ව ව්ද්‍යාව අවබෝද කරගත්ත පිරිස මේක නිර්මාණය කරලා තියෙන්නේ.මේක මට නිර්මාණය කරගත්ත එකක් නෙමෙයි මේක ලෝකය වෙනුවෙන් කරපු දෙයක්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: