hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 01, පෙ.ව. 5:31



බදුල්ල මහරෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණු අසාධ්‍ය රෝගීන් තිදෙනකුට ප්‍රතිකාර කිරීම සඳහා එම රෝහලේ වෛද්‍යවරයෙකු නිවසේ සිටි අයුරින්ම රෝහලට පැමිණ එම රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන් පුවතක් වාර්තා වනවා.

මෙලෙස කටයුතු කර ඇත්තේ බදුල්ල මහරෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්‍ෂ විසිනුයි.

අසාධ්‍ය රෝගීන් තිදෙනකු රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවට රෝහලෙන් ලැබුණු කැඳවීමක් අනුව මෙම වෛද්‍යවරයා මෙලෙස රෝහලට පැමිණ ඇති අතර ඔහු එම අවස්ථාවේ පැවති හදිසිය නිසා ඔහුට සිය කණ්ණාඩි කුට්ටම පවා අමතක වී ඇති අතර ඒ වෙනුවට කණ්ණාඩි කුට්ටමක් ද ඉල්ලාගෙන ඇත්තේ වෙනත් අයකුගෙන් බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත්, වෛද්‍ය රාජකාරියේ දී අඳින ඇඳුමකින් සැරසීමට ගත වන කාලය ද රෝගියාගේ ජීවිතය ආරක්‍ෂා කිරීමට වැදගත් බැවින් වෛද්‍යවරයා කොට කලිසමකින් හා ටී ෂර්ටයකින් සැරසී පැමිණ මෙසේ රෝගීන්ට ප්‍රතිකාර කළ බව එම වෛද්‍යවරයා තම ෆේස්බුක් පිටුවේ මෙලෙස සටහනක් තබා තිබුණා.

ඇඳුමද???

පැවරුනු දේව කාරියද??

එක වරම අසාධ්‍ය රෝගීන් තිදෙනිකි…

අලුයම ඇමතුම සමීර මල්ලිගෙන් අයියේ ඉක්මනින් වරෙන්..

ඇඳුම ??? ගැටලුවක් මට නැත. කන්නාඩ් කූට්ටම, කලපගේ මල්ලිගෙනි. අවුලක් අවශ්‍ය වන්නේ, රාජකාරිය ඉටුකිරීමම පමණි.

උපරිමයෙන් ඉටුකළෙමි. කොට කලිසම ගැටලුවක් නොවිනි.. ඉතිං ඇඳුම ?????

මේ රැඩිකල් වීම නොවේ.කාරිය කිරීම වෙනුවෙන්ම පමණි….” 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: