hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 24, ප.ව. 3:27



මත්ද්‍රව්‍ය සහ අපරාධ මෙහෙයුම් රැසකට දායකත්වය දැක්වූ ගාල්ල පොලීසියේ “ලිස්ටා” නමැති නිල සුනඛයා මියගොස් තිබෙනවා.

වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇති වු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් සුනඛයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ.

නෙදර්ලන්තයේ උපත ලබා ඇති “ලිස්ටා” නැමති එම සුනඛයා සේවා අංක 1371 යටතේ ගාල්ල පොලීසියට අනුයුක්ත කර ඇති අතර මෙහෙයුම් 300කට ආසන්න ප්‍රමාණයකට සිය දායකත්වය දක්වා තිබෙනවා.

ඊයේ (23) සවස ලිස්ටා පොලිස් ගෞරව මධ්‍යයේ අවසන් ගමන් ගියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: