hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 09, පෙ.ව. 7:32



දුනිත් වෙල්ලාලගේ වැනි ක්‍රීඩකයින් මනා ලෙස කළමනාකරණය කරගතහොත් එය අනාගතයට ඉතාමත් වටිනා බව ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් මහතා පැවසුවා.

අද LPL තරගය ආරම්භයට පෙර පැවති විශේෂ පූර්ව තරග විකාශය හා සම්බන්ධ වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් චමින්ද වාස් පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මීලඟ නායකත්වයට තම මතයට අනුව ධනංජය ද සිල්වා සුදුසු ක්‍රීඩකයෙක් ලෙස දකින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් මහතා,

“අපි දන්නවා දුනිත් වෙල්ලාලගේ කියන්නේ කොයි වගේ ක්‍රීඩකයෙක් ද කියලා. ඔහුට හම්බවෙච්ච හැම අවස්ථාවකදීම ලංකාව නියෝජනය කරද්දී ඉතාමත් හොඳින් කරලා තියෙනවා. අපි කියනවා දුනිත් වෙල්ලාලගේ ඇවිල්ලා ස්මාට් ක්‍රීඩකයෙක්, හොඳට සිතා බලා ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්, නායකත්වයට සුදුසු ක්‍රීඩකයෙක්. අපි ඒ ක්‍රීඩකයා හොඳට බලාගන්න ඕන. අපි ඒ ක්‍රීඩකයා හරි තැන තියාගත්තොත් මම හිතන්නේ ලොකු ගමනක් ගෙනියන්න පුළුවන්. එයා පොඩ්ඩක් හරි එහේ මෙහේ ගිහිල්ලා ඔලුව උදුම්මවා ගත්තොත් වැටෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. ක්‍රීඩකයොන්ව කළමනාකරණය කරද්දී මේකත් ඉතා වැදගත්. ක්‍රීඩකයාව රැකබලා ගන්න එක. අපිට හොඳ නායකයෙක් ඉන්නවා තව ඉස්සරහට. ඒ ක්‍රීඩකයාව බලාගත්තොත් හොඳයි. අපි කියනවා ක්‍රීඩකයෙක් වුනාම නායකයෙක් විදියට හිතන්න කියලා හැබැයි හිතුවට කමක් නෑ. ඒක ගැන හිත හිත තැවෙන්නේ නැතුව හොඳින් ක්‍රීඩා කරලා, රට වෙනුවෙන් ක්‍රීඩා කරන එක තමයි වැදගත් ම දේ.”

“මම හිතන්නේ කුසල් මෙන්ඩිස් ට තව වයස තියෙනවා නායකත්වය දරන්න. මම හිතන්නේ ඊට ඉස්සරවෙලා මම දකින්නේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තුනේම ක්‍රීඩා කරන එක්කෙනෙක් ඉන්නවා ධනංජය ද සිල්වා. ඉතාමත් හොඳින් ක්‍රීඩා කරනවා. ධනංජයගේ ගත්තොත් එයාත් ඉතාමත් හොඳ ස්මාට් ක්‍රිකට් ක්‍රීඩකයෙක්. හොඳින් සිතා බලා ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. හැමදෙයක්ම එයා ළඟ තියෙනවා. මගේ මතය අනුව මට පේන විදියට අපි ධනංජය වගේ එක්කෙනෙක් හදාගත්තොත් මම හිතන්නේ තරග රටා තුනේම ක්‍රීඩා කරන්න පුළුවන්. හොඳ අවස්ථාවක් ධනංජයට ක්‍රීඩා කරන්න. විශේෂයෙන්ම මෙම LPL තරගාවලියේ ධනංජය වගේ එක්කෙනෙක් කැප්ටන් කරන්න ඒ අවස්ථාව ලබා දුන්නා නම් මම හිතන්නේ ඉතාමත් වැදගත් වෙයි කියලා ධනංජයට. ඔහු කොයි විදියටද ක්‍රීඩකයින් හසුරුවන්න කියන එක බලන්න, ඔහු මාත් එක්ක කාලයක් වැඩකළා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න පෙර. මම කියන්නේ හොඳ ඔළුවක් තියෙනවා එයාට. මම හිතන්නේ ඒ වගේ ක්‍රීඩකයින් බලාගෙන ඉදිරියට ගෙනියන්න පුළුවන් නම් ඉතාමත් වැදගත්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: