hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 21, පෙ.ව. 12:01



‘‘හොරගෙඩියා හැමදාම මෙහෙට රිංගනවා, මටම කියල මසාජ් කරගන්න. මේ වැඬේ කරන්න බැහැ. අනිත් දවසෙ මං නිවාඩු දාල යනවා, ඔයා එනකොට.’’

ටානියා රේවතගේ කම්මුල හෙමිහිට මිරිකන ගමන් කිව්වා.

‘‘ඔයා පුදුම ලස්සනක්. මට හිතාගන්න බැහැ ඇයි ඔයා වගේ කෙනෙක් මෙහෙම තැනක වැඩ කරන්නෙ කියලා’’ රේවත ටානියාගේ දඟකාර දෑස් දිහා එකඑල්ලේ බලාගෙන කිව්වා.

‘‘කරන්න දෙයක් නැහැ. අපිත් ජීවත්වෙන්න ඕනෙ. හැමෝටම දොස්තරලා, ඉංජිනේරුවො වෙන්න බැහැනේ. මේ වැඬේ කරන්නත් කට්ටිය ඉන්න ඕනනේ. ඒ නිසා වැඩි කතා ඕනෙ නැහැ. ආව වැඬේ කරගන්න ලෑස්ති වෙන්නකෝ.’’

එහෙම කිව්ව ටානියා රේවතව සම්බාහනය කරන්න ගත්තා. රේවත භද්‍ර යෞවනයේ එළිපත්තෙ හිටිය තරුණයෙක්. එයා පොලිස් නිලධාරියෙක්. පුහුණුවීම් අවසන් කරල කොළඹට නුදුරු පොලිසියක රාජකාරියට අනුයුක්ත කරල හිටිය රේවත, තාමත් ආධුනික මට්ටමේ හිටිය පොලිස් කොස්තාපල්වරයෙක්.

තරුණියන් ඇසුරට ලොල් බවක් දැක්වූ රේවත බත්තරමුල්ල පැත්තෙ සම්බාහන ආයතනයකට නිතර නිතර රිංගුවා. රේවතට ටානියාව දැන හඳුනගන්න ලැබුණෙ මේ සම්බාහන මධ්‍යස්ථානයෙදියි.

සතියකට දෙතුන්වතාවක් රේවත මේ සම්බාහන ආයතනයට රිංගුවේ සම්බාහනය කරගන්න තියෙන වුවමනාවට වඩා ටානියාව හම්බවෙන්න තිබුණු උනන්දුව නිසයි. කොහොම කොහොමහරි ටික කාලයක් යද්දී මේ දෙන්නා අතරේ ආදර සම්බන්ධයක් ගොඩනැඟුනා. විවේකයක් තියෙන හැම වෙලාවෙම ටානියා රේවත හම්බවෙන්න එනවා. දැන් සම්බාහනයට එහා ගිය වැඩක් දෙන්න අතරේ සිද්ධ වෙනවා.

ටානියා සුරූපී කාන්තාවක් නිසා එයාට හොඳ ඉල්ලූමක් තිබුණා. හොඳ හොඳ සල්ලිකාරයො ටානියාව හොයාගෙන ආව නිසා එයාගෙ අතේ යහමින් මුදල් ගැවසුණා.

මහලොකු පඩියක් ගත්තෙ නැති නිසා රේවතට මුදල් අගහිඟකම් නිතර ඇතිවෙන්න ගත්තා. රේවත අතමාරුවට සල්ලි ඉල්ල ගත්තෙ ටානියාගෙන්.

කාලයක් යද්දී රේවතට ටානියාගේ පහස නැතිවම බැරිවෙන්න ගත්තා. ටානියා සම්බාහන ආයතනයේ කරන රැකියාවට රේවත කැමති වුණේ නැහැ.

‘‘ඔයා ඔය එක එකාව මසාජ් කර කර ඉන්න රස්සාවට මං කැමති නැහැ. ඔයා ඔය රස්සාවෙන් අයින්වෙලා එන්න. අපි කොහෙ හරි එකට ජීවත් වෙමු. ඔයාට වෙන රස්සාවක් කරන්න පුළුවන්නේ.’’

රේවතගෙ යෝජනාවට ටානියාත් කැමති වුණා. ටානියා අවුරුදු ගාණක් කරපු රස්සාවට ආයුබෝවන් කියල රේවත එක්ක ජීවත්වෙන්න තීරණය කළා.

දෙන්න කොළඹට නුදුරු පැත්තක පුංචි ඇනෙක්ස් එකක් ගත්තා. දැන් ටානියා ඇනෙක්ස් එකට වෙලා ඉන්නවා. රේවත රාජකාරියට යනවා. ටික දවසක් යද්දී රේවතට මුදල් අගහිඟකම් එන්න ගත්තා. ටානියා කාලයක් තිස්සේ හරිහම්බ කරපු ලොකු මුදලක් බැංකුවේ තැන්පත් කරල තියෙන බව රේවත දැනගෙන හිටියා. රේවත ටානියාගෙන් සල්ලි ඉල්ලලා කරදර කරන්න ගත්තා. ඒ වෙනකොට ටානියා රේවතට ලොකු මුදලක් දිලා තිබුණා. ඒ මුදල් එයා ආපහු දුන්නෙත් නැහැ.

‘‘රේවත මේ වැඬේ කරන්න බැහැ. ඔයා මගෙන් ගත්ත සල්ලි දෙන්නෙත් නැහැ. මට දැන් රස්සාවකුත් නැහැ. අතේ තියෙන සල්ලි ටික ඔයාගෙ වියදමට දුන්නම මං කොහොමද ජීවත් වෙන්නේ.’’

ටානියා, රේවත අතරේ ආරවුල් ඇතිවෙන්න පටන් ගත්තේ ඉන් පසුවයි. දැන් මේ දෙන්නා අතරේ හැමදාම ගෝරි. ආදරය සෙනෙහස දැන් කොහේ ගිහිල්ලද නැහැ.

පසුගිය දවසක රේවත ටානියාව කාමරේ හිරකරගෙන ඇයට හොඳටම පහර දුන්නා සල්ලි ඉල්ලලා. කොහොම කොහොම හරි මේ ප‍්‍රශ්නය දුරිදිග ගියා. පාලිස් පොත්වලත් මේ පැමිණිලි සටහන් වුණා. ටානියාට පහර දීලා තුවාල කිරීමේ සිද්ධියට ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් වූ රේවත අන්තිමේදී අත්අඩංගුවට පත්වුණා. අන්තිමේදී ටානියාට, කරකර හිටිය රස්සාවත් නැහැ. රැකවරණයට හිටිය රේවතත් නැහැ. ඉන්න හිටින්න තැනකුත් නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: