2023 ජූලි 04, පෙ.ව. 12:11
තම බිරිඳ සහ ඇගේ අනියම් පෙම්වතාව නිත්‍යානුකූල සැමියෙකු විසින් පෙට්‍රල් දමා ගිනි තැබීමේ පුවතක් බලංගොඩ පින්නවල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
පින්නවල පොලිසිය සඳහන් කළේ සිද්ධියෙන් අනියම් පෙම්වතා බව පැවසෙන පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව බිරිඳ බරපතල පිලිස්සුම් තුවාල ලබා බලංගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
38 හැවිරිදි සිව් දරු මවක් පුද්ගලික ආරවුලක් මත සිය සැමියාගෙන් වෙන්ව බලංගොඩ පින්නවල ප්‍රදේශයේ කුලී නිවසක තම අනියම් පෙම්වතා සමඟ ජීවත්ව සිට තිබෙනවා.
අලුයම් කාලයේදී ඇගේ නීත්‍යනුකූල සැමියා එම නිවසට වහලයෙන් ඇතුලුවී නිවසේ සිටි තම බිරිඳට සහ ඇගේ අනියම් පෙම්වතා බව පැවසෙන පුද්ගලයාගේ ඇඟට පෙට්‍රල් වත්කර ගිනි තබා ඇතැයි පින්වල පොලිසිය පැවසුවා.
බරපතල පිළිස්සුම් තුවාල ලැබූ ඔවුන් දෙදෙනා බලංගොඩ මූලික රෝහලට ඇතුලත් කෙරුණු අතර ප්‍රතිකාර ලබමින් සිටියදී අනියම් පෙම්වතා බවට පැවසෙන පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය පැවසුවේ ඔහු ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි තරුණයෙක් බවයි.
බිරිඳ මේවන විට බරපතල තුවාල ලබා බලංගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙනවා.
කාන්තාව මීට මාස හතරකට පමණ පෙර සමෘර්දි බැංකුවක සේවය කර ඇතැයි පින්වල පොලිසිය පැවසුවා.
අපරාධය සිදු කළ සැමියා හම්බේගමුව ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පින්නවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
2026 මැයි 02, පෙ.ව. 12:08
2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26