hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 25, පෙ.ව. 8:27



බණ්ඩාරගම ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා සබරගමුව විශ්ව විද්‍යාලයට සරසවි වරම් ලැබ එහි අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටියදී අබිරහස් ලෙස මියගිය එම විශ්ව විද්‍යාලයේ කබඩි කණ්ඩායමේ නායක හර්ෂ ධනංජය සිසුවාගේ දේහය ඔහු පදිංචිව සිටි පරගස්තොට පැපොල ආචාරිගොඩ නිවසට පසුගිය 22 වනදා ගෙන එනු ලැබුවා. 

කුඩා කල සිටම අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවට එකසේ දස්කම් පෑ ලසන්ත හර්ෂ සබරගමු සරසවියට ඇතුළු වී ක්‍රීඩා විද්‍යාව සහ ශාරීරික අධ්‍යයන අංශයෙන් අධ්‍යාපනය ලැබුවේ එම ක්ෂේත්‍රයෙන් ඉහළටම ගොස් රටට දැයට තම සේවය සැලසීමේ අදිටන පෙරදැරිවයි.

වසර හතරක කාලයක් සබරගමු සරසවියේ අනෙකුත් සිසුන් අතර ” ටුඩා” යන ආදර නාමයෙන් හැඳින්වුණ ලසන්ත හර්ෂ ධනංජය සිසුවා තවත් මාස දෙකකින් පමණ උපාධිය ලැබීමට සුදුසුකම් සපුරා තිබූ අතර ඒ නිමිත්තෙන් සමූහ ඡායාරූපයකට ඔහු පෙනී සිටීමට නියමිතව තිබුණේ පසුගිය 23 වනදායි.

ඉකුත් සතියේ දින කීපයක් නිවසේ රැඳී සිට මියයාමට දිනකට කලින් සරසවිය වෙතගොස් අනෙකුත් සිසුන් සමග ගත කර එදින රාත්‍රී නේවාසිකාගාරයේ නින්දට ගොස් සිටි හර්ෂ සිසුවා තම දෙමවුපියන්, එකම සහෝදරිය මෙන්ම ඥාති හිතවතුන් සහ මිතුරු මිතුරියන්ට කිසිවක් සිතා ගැනීමටවත් නොහැකි අයුරින් නිදි ඇඳ මතම මෙලොව හැර ගොස් තිබුණේ ඔවුන්ගේ හදවත්වලට සදාකාලිකවම ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින්.

සරසවියේ එකට අධ්‍යාපනය ලද මිතුරන්ගේ කර මතින් 22 වනදා අලුයම් කාලයේ හර්ෂ ධනංජය සිසුවාගේ නිසල සිරුර ඔහුට වසර විසිපහක කාලයක් සෙවණ දුන් පැල්පොල නිවසට රැගෙන ආ අවස්ථාවේ දී මව පියා සහෝදරිය ඇතුළු හිතවතූන්ගේ විලාපය ප්‍රදේශය සිසාරා දෝකාරය දුන්නේය. හර්ෂ වසර ගණනාවක් කබඩි  ක්‍රීඩාවෙන් දැක්වූ දස්කම් උදෙසා ඔහු වෙත පිරිනැමුණු පදක්කම්  සහ කුසලාන රැසක් නිසල සිරුර අසලම ප්‍රදර්ශනය කර තිබුණා.

තම පුතුගේ නිසල සිරුර නිවසට රැගෙන ආ අවස්ථාවේ සිට ඒ දෙස බලමින් “අනේ කතා කරන්න මගේ පුතේ කතා කරන්න. අපිව දාලා ගියාද රත්තරනේ, අනේ මගේ රන් කඳ හිනා වෙලා ඉන්නවා” යැයි විලාප දෙමින් මව හඩා වැටෙන්නට වූයේ ධනංජය ගේ නිසල දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අයගේ නෙත්වලට ද කඳුළු උනවමින්.

තම එකම පුතුගේ හදිසි වියෝවෙන් මහත් කම්පනයට පත් කේ.ඩී. සුනිල් ශාන්ත මහතා හඬා වැටෙමින් මෙසේ පැවැසුවා.

“මගේ පුතා කිසිම ලෙඩක් නැති දරුවෙක්, ඒ වගේ දරුවෙක් එකපාරටම නැති වුණේ කොහොමද? රජයේ විශේෂඥ වෛද්‍යවරුන් සාකච්ඡා කරලා මොකක්ද කියලා සොයා බලන්න ඕනෑ. “





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: