hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 22, ප.ව. 2:03



සබරගමුව සරසවියේ සිසුවෙකු නේවාසිකාගාරයේ නිදා සිටියදී මියගොස් තිබෙනවා.

මරණයට හේතුව මෙතෙක් තහවුරු වී නැහැ.

එම සිසුවා 25වන වියේ පසු වූ තරුණයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

එම ශිෂ්‍යාගේ දේහය නිවස වෙත රැගෙනවිත් තිබෙනවා.

ඒ ඔහු පදිංචිව සිටි පරගස්තොට පැල්පොල ආචාරිගොඩ පාරේ නිවස වෙතයි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි හර්ෂ එම විශ්වවිද්‍යාලයේ කබඩි කණ්ඩායමේ නායක ද වුණා.

ඔහු බණ්ඩාරගම ජාතික පාසලේ ආදි ශිෂ්‍යයෙක්.

හර්ෂ මියයන විට 25 හැවිරිදි වියේ පසුවූ අතර පවුලේ වැඩිමහල් දරුවා මෙන්ම එකම පිරිමි දරුවා ද වෙයි.

එම සිසුවා 20 වනදා නිවසේ සිට නේවාසිකාගාරයට යතුරුපැදියෙන් පැමිණ ඇති අතර පසුව නිවසට ඇමතුමක් ගෙන එසේ පැමිණි බවද දන්වා තිබෙනවා.

පසුව මධ්‍යම රාත්‍රිය වනතෙක් ඔහුගේ සහෝදරිය සමග දුරකථනය ඔස්සේ නිවසේ ඇති පරිගණකයේ දෝෂයක් සම්බන්ධයෙන් සංවාදයක යෙදී සිට ඇති බවද වාර්තා වෙනවා.

ඉන් අනතුරුව නින්දට ගොස් ඇති සිසුවා පසුදා අලුයම අවදි නොවීම නිසා කාමරයේ සිටි මිතුරන් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

සිසුවාගේ ශරීරයේ බාහිර තුවාල හෝ විෂ ශරීරගතවී නොමැති බවත් නමුත් මරණයට හේතුවක් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා නොදැක්වු බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවා.

ඒ අනුව මියගිය සිසුවාගේ ශරීරයේ කොටස් රසපරීක්ෂක වෙත යොමු කිරීමට විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා.

මියගිය සිසුවාගේ අවසන් කටයුතු හෙට (23) පැල්පොල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: