hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 19, ප.ව. 1:57



මීට මසකට පමණ ඉහතදී විවාහ දිවියට එළඹි යුවතියක් පෞද්ගලික රෝහලකදී පිත්තාශයේ ගල් ඉවත්කිරීම ආශ්‍රිතව කරන ලද සැත්කමකින් පසුව ඇති වූ සංකූලතා හේතුවෙන් හදිසියේම ජීවන ගමන නිමා කිරීම පිළිබඳව ඔබට මතක ඇති.

ඇය නමින් හර්ෂණී ධර්මවික්‍රම.

බොහෝ දෙනෙක් ඇයගේ ජායාරූප මුහුණුපොතට එක් කරමින් ඇයට නිවන් සුව පතන්න අමතක කළේ නැහැ.

හැමදෙනාගේම දෙනෙත් කඳුලින් තෙත් කරමින් ඇය සදහටම දෙනෙත් පියා ගත්තේ වෛද්‍යවරයෙකුගේ නොසැලකිලිමත්කම නිසාමයි.

ඇයගේ මෙම සැත්කම සිදු කළ වෛද්‍යවරයාට සමාජ මාධ්‍ය තුළ දැඩි විරුද්ධත්වයක් එල්ල වුණා.

කෙසේ වෙතත්, හර්ෂණිගේ මරණය වෙනුවෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඇගේ පවුලේ ඥාතීන් ඉල්ලීමක් කර තිබුණා.

නමුත් අනතුරුව හෝ මේ පිළිබඳව කතාබහක් ඇතිවූයේ නැහැ.

එසේම අදාළ වෛද්‍යවරයාගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වෙනත් කිසිදු වෛද්‍යවරයෙක් හඬ නොනැඟීමත් කැපී පෙණුනා.

මේ අතර, හර්ෂණිගේ ආදරණීය සැමියා ඔහුගේ මුහුණු පොතට ඡායාරූපයක් එක් කරමින් හර්ෂණි ගැන මතක අවදි කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: