hit counter

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 04, ප.ව. 2:42



හිත ඉල්ලන තරු වැඩසටහන කියන්නේ ගොඩක් දෙනෙක් ආදරයෙන් වැලදගත් වැඩසටහනක් කිව්වොත් නිවැරදියි.

ඒ වැඩසටහනට ඒ තරම් ප්‍රේක්ශක ආදරයක් ලැබෙන්න එක හේතුවක් තමයි රංගන ද සිල්වා කියන්නේ.

ඔහු ඒ වැඩසටහන හොදින් මෙහෙයවනවා වගේම ප්‍රේක්ෂකයන්ව නොයෙක් දේ කරමින් සිනා සාගරයක ගිල්වනවා.

බොහෝ විට හිත ඉල්ලන තරු වැඩසටහන ට්‍රෙන්ඩින් පවා එනවා.

මේ පාර හිත ඉල්ලන තරු වැඩසටහනේ වෙනසක් වෙලා තියෙනවා.

ඒ රංගන ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉවත් වීම නිසා.

මෙවර එම වැඩසටහන මෙහෙයවන්නේ නිවේදිකාවක් සහ නිවේදකයෙක් විසින්.

ඔවුන් ජයන්ත අතපත්තු සහ සංජුලා රවිශ්මි විසින්.

ඉතින් රංගන නැතුව කරන හිත ඉල්ලන තරු පළවෙනි වැඩසටහන මෙවර සහභගී වෙන්නේ මේ ඊයේ පෙරේදා යුග දිවියට පිවිසි අනූෂා දමයන්ති සහ ඇයගේ ස්වාමිපුරුෂයා වන අමිල ජයතිලක, ප්‍රවීණ නළු බන්දු සමරසිංහ සහ ඔහුගේ පුත් කාංචන සමරසිංහ, ලෝකයේ සිටින එකම දෘශ්‍යාබාධිත මෝස්තර නිර්මාණ ශිල්පිය වන ආශ්චර්‍යා ජයකොඩි සහ ඇයගේ ස්වාමිපුරුෂයා වන සේසත් ජයකොඩියි. ඉතින් මෙවර හිත ඉල්ලන තරු වැඩසටහන බලන්න බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා කියලා තමයි ආරංචි වුණේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: