hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 13, පෙ.ව. 9:02



පසුගිය කාලසීමාව තුළදී කලා ලෝකයේ ආදරණීය කලාකාරිනියක් වෙච්චි අනුෂා දමයන්තිගේ විවාහ මංගල උත්සවය හරිම උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්වූවා.

ඇත්තටම මේක ඉතාමත් කෙටි කාලයකින් එහෙමත් නැත්නම් සති දෙකක් වගේ පුංචි කාලෙදි තමයි සැලසුම් කළේ.

ඒකට හේතුව ඇය විටින් විට විවාහ මංගල්‍ය උත්සවය සැලසුම් කළත් නොසිතූ විරූ ආකාරයෙන් ඒක අවුරුද්දෙන් අවුරුද්ද කල් කියපු නිසයි.

ඒ වගේම එදා ඉඳන් අනුෂා කැමැත්තෙන් ඉඳලා තියෙන්නෙ මැයි මාසේ විවාහ වෙන්න.

හැබැයි ඉතින් විටින් විට විවාහ මංගල්‍ය උත්සවය කල් යන නිසා ඇයට මැයි මස විවාහ වෙන්න නම් බැරි වුණා. 

පසුගිය දිනයක දී ඇය ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වන කවුරුත් ආදරය කරන වැඩසටහනක් වන හිත ඉල්ලන තරු වැඩසටහන වෙත පැමිණ තමන්ගේ විවාහ මංගල උත්සවයේ දී ඉතාමත් සුවිශේෂී අවස්ථාවක් වගේම ඊට සහභාගි වුණු සුවිශේෂී පුද්ගලයෙක් පිළිබඳව ස්තුති පූර්වක හැඟීමකින් අදහස් දක්වා සිටියා.

ඉතින් මේ විදිහට තමයි ඇය අදහස් දක්වා සිටියේ,

” මම බන්ඳු අයියට විවාහ උත්සවයට ආරාධනා කරන්න කෝල් එකක් දුන්නා.ඊට පස්සේ මම කතා කළේ  වෙඩින් එකට invite කරන්න කිව්වම හරි කෙල්ල, මට ඔය කාඩ් ඒව මේව මොනවත්ම ඕන නෑ.ඔයා පෝරුවේ ඉන්නකොට මම ඇවිල්ලා ඔයා දිහා බලාගෙන ඉන්නවා කියපු එක පුදුම විදිහට මගේ හිතට වැදුනේ.මට හැමෝම ආදරෙයි ඒ  වුනාට ඒ වෙලාවේ බන්දු අයියා කියපු එක පුදුම විදිහට මගේ හිතට වැදුනේ. ඉතින් මට ඒකට මුළු ජනතාව ඉදිරියේ ම බන්දු අයියට ස්තූති කරන්න ඕන. මනුස්සකම ඒ ලෙන්ගතු කම වපුරපු දේවල් තුළින් ලැබෙන දේවල්.මම හිතන්නේ බන්දු අයියා ගොඩක් දේවල් වපුරලා ගොඩක් දේවල් නෙලාගෙන තියෙන කෙනෙක්.” 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: