hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:05



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

ජැක්සන් ඇන්තනී නම් ඒ මහා කලාකරුවානන් ජීවත්ව සිටියදී දැක්වූ අදහස් කිහිපයක් තමයි මේ.

ඔහු එම අදහස් ඉතාමත් සංවේදීව දක්වා තිබුනා.

“මම විවිධ ක්ෂේත්‍රවල ඉන්නවා තමයි.කුඩා කාලයේ ඉඳලම මගේ උවමනාව සිනමාකාරයෙක් වෙන්න.පුංචි කාලයේ පකිස් පෙට්ටියකට තාත්තගේ කෑලි හයේ ටෝර්ච් එක ගහලා චිත්‍රපට පෙන්නපු මිනිහෙක් මම.කුඩා කාලයේ ඉඳලම ප්‍රවිෂ්ඨය ගත්තට ඒ ප්‍රවිෂ්ඨය ගත්තේ මහා ඛේදවාචක ගොඩක් මැද්දේ.මට දැන් වයස 63ක්.මම තවම චිත්‍රපට තුනයි කරලා තියෙන්නේ.මගේ ගෙදර මම ලියාපු චිත්‍රපට 8ක් තියෙනවා.ඒ චිත්‍රපට තුනෙන් පස්සෙ මට මැරිලා යන්න වෙයිද කියලා මම හරි දුකෙන් හිටියේ.මගෙන් පස්සේ මගේ සිහිනය සැබෑ කරන්න මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා.උන් මගේ සිහිනය සැබෑ කරනවා.සෝමේ කිව්වා වගේ උන්ගේ මාවත මල් පිරිච්ච් සුවඳින් පිරිච්ච මාවතක් නොවෙන්න පුළුවන්.හැබැයි උන් හැඳිලා තියෙන්නෙ,උන් ඉගෙනගෙන තියෙන්නේ,උන් මහන්සි වෙලා තියෙන්නේ,උන්ට ඇගයීම් තියෙන්නේ,කලා ක්ශේත්‍රයේමයි.ඒ නිසා උන් කලා ක්ශේත්‍රයේ මට යන්න බැරි වෙච්ච දුර යාවි.මට ජයග්‍රහනය කරගන්න බැරි වුණ දේවල් ජයග්‍රහනය කරාවි.මට කඩාගන්න බැරි වෙච්ච සිහිනය නෙලා ගනීවි කියන විශ්වාසය මා තුල තියෙන නිසා මම අද පරාජය බාරගන්නේ නැහැ.මම උන් තුන්දෙනාගෙම ජයග්‍රහනය බාරගන්නවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: