hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:01



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

ජැක්සන් ඇන්තනී සහ සේනක ටයිටස් ඇන්තනී කියන්නේ කලාවට උපන් හපන්කම් පෑ සහෝදරයන් දෙදෙනෙක්.

දැන් ඒ දෙදෙනා ආදරනීය මතකයන් පමණක් ඉතිරි කරමින් මෙලොව හැරගොස් අවසානයි.

ඔහුගේ ආදරණීය දියණිය මාධවී සිය පියාගේ වියෝවෙන් තැවෙන බව නොරහසක්.

මාධවී සිය මුහුණුපොතේ හරි අපූරු සටහනක් පළ කර තිබෙනවා.

දෙන්නා සෙට් වෙලා ඇති නේද එහේ

අප්පච්චියි ලොකු අප්පච්චියි???

අප්පච්චි කියනව ඇති “අදට ඇති අය්යෙ”

ලොකු අප්පච්චි කියනවැති “උඹව දැක්කෙ අවුරුදු හයකින්. අද බොන්නෝනෙ”

මෙහෙ දේවල් එහෙට පේන ලොකූ ටීවී එකක් තියෙනවද?

දැක්කද අප්පච්චි කිව්වා වගේම අප්පච්චි ගැන හැම චැනල් එකේම අප්පච්චිගෙ ගුණ කිව්වා.

ඔහේ ඉඳන් මෙහෙ අයගෙ පෝස්ට් කොමෙන්ට් බලන්න පුළුවන් ද?

බැරි නම් මං ආසයි හැබැයි.

කොහොමහරි කමක් නෑ අප්පච්චියි ලොකු අප්පච්චියි එකට නම් එච්චරයි

පුලුවන් නම් හීනෙන්වත් එන්න දෙන්නා





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: