hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:02



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වන විට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

පුංචි කාලේ ඉඳලාම කලාවට එන්න වැඩි කැමැත්තක් දැක්වුවේ නැති අඛිල අද වෙනකොට කලාවේ ක්ෂේත්‍ර කීපයක් තුළම ඉන්න චරිතයක්.

ඉතින් මේ ඔක්කොම දේවල් ඒ කලා පවුලට එකතු වුණ නිසා කියලා කෙනෙකුට කියන්න පුළුවන්.

ඇත්තටම ඔහුට කලාවට එක්වෙන්න රුකුලක් වෙන්නේ මේ පවුලෙන් ලැබුණ හයිය තමයි.

ඉතින් මීට කාලෙකට කළින් අඛිල මෙන්න මේ විදිහට ඒ ගැන සටහනක් එකතු කරලා තිබුණා.

ඇත්තටම ඒ හැම වචනයක් ඇතුළේම තියෙන්නේ ඒ පවුලට ජැක්සන් ඇන්තනී කියන මේ මහා රංග පෞරුෂයෙන් ලැබුණ හයිය කිව්වොත් හරි.

“අප්පච්චි මවපු ලෝකේ මම කුමාරයෙක් උනා…
මේ ලෝකේ වසනාවන්තම දරුවා මම..ඒ අප්පච්ච හින්දා..
I Miss you අප්පච්චි…
මට අප්පච්චිගේ පිහිටයි… අප්පච්චිට ජේසු පිහිටයි.. “





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: