hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 19, ප.ව. 4:32



මෙරට පුංචි තිරයේ ඉන්නා ප්‍රවීණ රංගන ශිල්පිනියන් අතරින් ප්‍රමුඛතම චරිතයක් වශයෙන් නිල්මිණි තෙන්නකෝන් මහත්මිය හදුන්වන්නට පුළුවන්.

ඇයගේ රංගන හැකියාව නිසාම මෙරට කලා ක්ෂේත්‍රය තුළ හිමි වන සම්මාන රැසකින් ඇය පිදුම් ලබා තිබෙනවා.

විවිධ චරිත නිරුපණය කරන චරිතාංග නිළියක් වශයෙන්ද ඇයව හදුන්වන්නට පුළුවන්.

අප කවුරුත් දන්නා ජනප්‍රිය ගායකයෙකු වන මධුමාධව අරවින්ද සමඟ විවාහ වී මේ වන විට ඔහුගෙන් වෙන් වී දියණිය සමග කාලය ගත කරන නිල්මිණි තෙන්නකෝන් දරුවා එක්ක කලා කටයුතු කටයුතුත් සමබරව කරගෙන යනවා.

සිය දියණිය වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කෙරූ ආදරණීය මවක් වූ නිල්මිණි සමාජ සේවයේ ද නියැලෙන අයෙක් බැව් බොහෝ දෙනෙක් නොදැනුවත්.

පසුගියදා අපි අතරින් වියෝ වූ ජැක්සන් ඇන්තනී මහතාගේ අවමංගල්‍ය අවස්ථාවට නිල්මිණි තෙන්නකෝන් සහභාගී වී තිබුණා.

ඇය ජායාරූපයක් සමඟ සංවේදී සටහනක් මෙසේ සිය මුහුණුපොතට එකතු කර තිබුණා.

චූටි bonikki,මම ඇය දෙස බලාගෙන හිටියා,මාව,,ගොඩක් දන්නවා වගේ මා දෙස බලාගෙන හිටියා,මට මොකක්දෝ කියනවා කියලා මට තේරුණා,මද වෙලාවකට පස්සෙචූටි කෙල්ලට,තේරුණා,මගේ සීයා අප්පච්චි මේ පෙට්ටිය ඇතුලෙ කියලා, ඇස් දෙකේ කඳුලු පිරිලා තිබුණා,මං මේ ඡායාරූපය ගත්තේ,මේ අපේ ආදරණීය ජැක්සන් අයියගේ,පණ පළවෙනි මිනිබිරිය,මගෙ පැටියට මේක කවද හරි වටී,මේ ඔයාගෙ සීයාපච්චි මුළු ලෝකෙම හඩවාපු,රටක් වටින කලාකරුවෙක්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: