hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:04



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

ජැක්සන්ගේ අතීතය ගැන හෝ ජැක්සන්ගේ අතිශය පුද්ගලික දේත් ජැක්සන්ගේ මරණය හා සමඟ එළියට ඇවිත් තිබුණා.

කුමාරි මුණසිංහ පුවත්පතක සාකච්ජාවකට එක්වෙමින් සිය ස්වාමියා සමබන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා.

ප්‍රසිද්ධ මිනිස්සුන්ව විකුණගෙන සල්ලි හම්බකරගන්නෙ ඇයි මේ මිනිස්සු?

“ජැක්සන්ට කවුරුවත් බන්දේසියක තියල ප්‍රසිද්ධියක් දුන්නෙ නෑ. බොහොම සාමාන්‍ය පවුලක ඉපදිලා අමාරුවෙන් කට්ට කාගෙන ආපු ගමනක ප්‍රතිඵලය තමයි ජැක්සන් ඇන්තනී. එයා මේ තැනට එන්න වෙච්ච මහන්සිය ඉස්කෝලෙ කාලෙ ඉඳන් එයා එක්ක හිටපු මම දන්නවා. මම ආයුර්වේදය අත්හැරලා දැම්මෙ ජැක්සන්ට කැම්පස් වැඩවලට උදව් වෙන්න ඕන නිසා. නැත්නම් මම අද ආයුර්වේද වෛද්‍යවරියක්. එච්චර කැපකිරීමක් කරලා හදාගත්ත මනුස්සයව විනාස කරන්න තවත් ඉගෙනගත්තු මිනිස්සුම ඉදිරිපත් වුණ එක ගැන මට හරි පුදුමයි. රටේ මිනිස්සු කොච්චර ජැක්සන්ට බැන්නත් මං කාටවත් වෛර කරන්නෑ. හැබැයි මට මේ පුද්ගලයො දෙන්නා ගැන තියෙන්නේ පුදුම තරහක්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: