hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 09, ප.ව. 9:17



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

ජැක්සන්ගේ අතීතය ගැන හෝ ජැක්සන්ගේ අතිශය පුද්ගලික දේත් ජැක්සන්ගේ මරණය හා සමඟ එළියට ඇවිත් තිබුණා.

කොහොම වූණත් ඒ පව්ලේ සාමාජිකයින් තමවමත් ඔහු ගැන සිහිපත් කරන්නේ වේදනාවකින් සහ හරිම ආදරණීය මතකයන් එක්ක.

ඉතින් අකිලත් එයාගේ අප්පච්චි ගැනත් එයාගේ අම්මා ගැනත් සටහනක් තබලා තිබුනේ මෙහෙමයි.

අම්මා ඉස්සර පොඩි දේටත් අඬනවා,අප්පච්චි විහිලුත් කරනවා අපිත් කියනවා එපා කියල ඒත අඩනවා.හැබැයි දැන්නම් ඒක ටිකක් වෙනස්???? ජීවත අත්දැකීම් අපිව වෙනස් කරනවා.

අදට මාසයයි.

මාසෙකට කලින් සිද්ද වෙච්ච සිද්ධිය ගැන මං තාමා හරියට හිතලා නෑ… මගේ සිතුවිල්ල “අපි කොහොම හරි අප්පච්චිව හොදකරගෙන ගෙදර ගේමු” වගේ එකක්.

ඒ සිතුවිල්ලට Suport කරන්න මගේ දුව(Aranya) ලොකු දෙයක් කරනවා.එයාට අනුව සීයාතාත්තා ජේසු ලගට බෙහෙත් ගන්න ගිහින්.අම්මා අද උදේත් පාන්දර ඇහැරලා වැඩ “මට හිතෙන්නෙම අප්පච්චිගේ උදේ Soup එක ලෑස්ති කරනවා කියලා”

තුන් වේලට සුප් නැති උනාට අම්මාත් තාමා වැඩ ඉවර නෑ අප්පච්චි ඉන්න තැනක සතුටින් තියන්න පූජා,ධර්ම කටයුතු…

ඒවගේම මේ පහුගිය මාසේ අපි වෙනුවෙන් දුක් වුනු සියලු දෙනාටම ස්තුතියි. මොකද අප්පච්චි කොහේහරි ඉදන් ඒ ආදරේ දැකලා සතුටු වෙනවා…. ආරණ්‍යයා කියන විදියට එයා දැන් හැම තැනම ඉන්නවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: