hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 08, ප.ව. 12:10



කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා. 

මීට වසරකට ආසන්න කාලයකට ඉහතදී එතුමා හදිසි අනතුරකට ලක් වෙලා මේ වන විටත් එතුමා ප්‍රතිකාර ලබමින් ඉන්නේ.

ඉතින් ඔහුට ආදරේ කරන කවුරුත් ඔහුගේ දැන් තත්වය ගැන තොරතුරු දැනගන්න ඉමහත් උනන්දුවක් දක්වනවා.

මේ වන විට ජැක්සන් ඇන්තනී රෝහල්ගත කරලා ඉන්නවා කියන එක ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත පමණක් තමන් ඇතුළු පවුලේ පිරිස් කටයුතු කරන බවයි මාධවී වත්සලා වරක් සඳහන් කර තිබුණේ.

එසේම, ජැක්සන්ට රෝහලේ දී දෙවැනි අනතුරක් සිදු වූ බැව් ද ඇය පිළිගෙන තිබුණා.

කෙසේ වෙතත්, ජැක්සන්ගේ රෝහල්ගතවීම යූටියුබ් නාලිකාවන්ට ඉල්ලමක් වූවා කිව්වොත් හරියටම හරි.

ඒකට හොඳම උදාහරණය තමයි මේ තියෙන්නේ.

කෙසේ වෙතත්, වෛද්‍ය රුක්ෂාන්, නැවත වතාවක් සුදත්ත තිලකසිරි සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජැක්සන් ගැන මෙසේ අදහස් පළ කර තිබුණා.

“‘මම කලිනුත් මේ ගැන කිවුවනේ. බල්ලෙක්වත් ඇහුම්කන් දුන් නෑනේ. මිනිස්සු ඇහුවත්, බලධාරින් අහන් නෑනේ. දැන් මම කිවුවා, ජැක්සන් අපායේ තියන් ඉන්නවද? ස්වර්ගස්ථ කරනවද? කියලා. ඒක සංවේදී කතාවක්.. මම එතුමාගේ මිත්‍රයෙක් නම් මම හිතනවා, මේ ඉන්නෙ මොන ශාරීරික මට්ටමක ද ඉන්නෙ? එයාලම කියනවා, ඇහෙන් කඳුළු බිංදුවක් එනවලූ. නමුත් මම මේ කියන්නෙ පපුවක් තියෙන මිනිහෙක්ට බැරි ද වෛද්‍යවරුන්ට කියන්න. දැන් දින 500 ගාණක් ඔහොම ඉන්නකොට, දැඩි සත්කාරයේ ඇඳක. නිකන් හිතෙන් නැද්ද, ඇඳන් නැතුව කී දෙනෙක් මැරෙනවද? සමහර විට ගිනස් වාර්තාවක් තියන්න බලාපොරොත්තු වෙනවද දන් නෑ.

‘ජැක්සන්ගේ වත්මන් තත්ත්වය’ ගැනත් වෛද්‍යවරයා මෙසේ ප්‍රකාශයක් සිදු කළා.

“ජැක්සන්ගේ තත්ත්වය වෙනසක් නෑ. හැබැයි මෙහෙමයි… අපි මීට අවුරුදු 25කට විතර ඉස්සල්ලා මුල් පත්වීමේ දී මම නිර්වින්දන වෛද්‍යවරයෙක්. අපි නිර්වින්දනය දුන්න කාන්තාවක් අපිට සිහි ගන්වන්න බැරිවුණා. අපි එයාව මැෂින් එකේ තිබ්බා සතියක්. අපි දැක්කා, එයාගේ මොළේ නැතිවෙලා. අපි තීන්දුවක් ගත්තා, මැෂින් එක ගළවන්න.. මෙතනදි තීරණ ගන්නෙ වෛද්‍යවරු.. නමුත් ජැක්සන්ගේ සිද්ධියේ දී ඒක වෙනස්… මට අදහන්න බෑ කවුද මේ තීන්දු ගන්නෙ කියලා….තමන්ගේ පුද්ගලික වියදමින් මේක කළා නම් කිසිම ප්‍රශ්නයක් නෑ. දැන් මහජනතාව තමයි ප්‍රශ්න කරන්න ඕනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: