hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:01



කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා. 

මීට වසරකට ආසන්න කාලයකට ඉහතදී ඔහු හදිසි අනතුරකට ලක් වෙලා මේ වන විටත් ප්‍රතිකාර ලබමිනුයි ඉන්නේ.

ඉතින් ඔහුට ආදරේ කරන කවුරුත් ඔහුගේ දැන් තත්වය ගැන තොරතුරු දැනගන්න ඉමහත් උනන්දුවක් දක්වනවා.

මේ වන විට ජැක්සන් ඇන්තනී රෝහල්ගත කරලා ඉන්නවා කියන එක ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

එලෙස ප්‍රතිකාර ලබන ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තබන ආශිර්වාද සටහන් වගේම ඔහුට එල්ල වන විවේචන ද සෑහෙන්න අපිට දකින්න ලැබෙනවා.

ඒ වගේම ඔහුගේ ආදරණීය පවුලේ පිරිස් තබන සටහන් ද ඒ අතර සුලබයි.

ජනප්‍රිය රංගන ශිල්පි අකිල ධනුද්දර තබන ලද මේ සටහනත් එවැන්නක්.

ඊයේ මේ උඩ පිංතූරය ගන්න phone එක අල්ලද්දි 4n එක ඇතුලෙන් මට යට පිංතූරය මැවිලා පෙනුනා..මල්ලිටත් එහෙමම වෙන්න ඇති ඒත් අපි හිනාවෙලා Photo එකට හිටියා…

සමහර අයට ඇත්තටම අපි මෙච්චර ප්‍රශ්න තියාගෙන ..නෑ වගේ ඉන්නෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්?

ඒකත් අපි ඉගන ගත්තෙ ජැක්සන් ඇන්තනීගෙන් ,අපේ වීරයාගෙන් එයාට එන ප්‍රශ්න එයා කරට ගත්ත ලස්සන අපිට වැටෙන්න දෙන්නෙනෑ…. කොහොම උනත් සමහර දේවල් තියෙනවා වචනයෙන් තේරුම් කරන්න බැරි.ඒ නිසා මම තීරනය කරල තියෙන්නේ “ජීවත් වෙලා”ඒවා මාව තේරුම් ගන්න පිරිසට දන්නන්ණ

මේ ලෝකෙ හැම මිනිහම එක වගේ නෑ චිත්‍රපටය ඉවර වෙනකං ඒකෙ කොල්ල Hero ද? Villain ද? Joker ද?කියලා කාටවත් කියන්න බෑ

ජීවිතේ ඉවරයක් වෙනකං කාටවත් චරිත සහතික දෙන්නත් බෑ…

ඒත් මට එක දෙයක් වගකීමෙන් කියන්න පුලුවං ඒ ..මං ආදරේට නං ආදරෙයි ස්තුතියි මාව අහං හිටියාට





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: