hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:09



කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා. 

මීට වසරකට ආසන්න කාලයකට ඉහතදී එතුමා හදිසි අනතුරකට ලක් වෙලා මේ වන විටත් එතුමා ප්‍රතිකාර ලබමින් ඉන්නේ.

ඉතින් ඔහුට ආදරේ කරන කවුරුත් ඔහුගේ දැන් තත්වය ගැන තොරතුරු දැනගන්න ඉමහත් උනන්දුවක් දක්වනවා.

මේ වන විට ජැක්සන් ඇන්තනී රෝහල්ගත කරලා ඉන්නවා කියන එක ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

මේ සම්බන්ධයෙන් චෝදනා බොහෝමයක් එල්ලවන තැන ජැක්සන්ගේ පවුලේ පිරිස් මාධ්‍ය හමුවේ සඳහන් කළේ එය වෛද්‍යවරුන් ගත යුතු තීන්දුවක්-තීරණයක් මිසක තමන් වෙතට අදාළ කාරණාවක් නොවන බවයි.

අනෙක් අතට, වැඩසටහනකට එක්වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ද සඳහන් කළේ යම් බලවේගයක් හෝ හස්තයක් මේ පිටුපස ඇති බවයි. 

මෑතක වැඩසටහනකට එක්වෙමින් ජැක්සන්ගේ සොහොයුරු සුදත් ඇන්තනී ද සඳහන් කළේ අදාළ තීරණය වෛද්‍යවරුන් අත ඇති බවයි.

මේ වන විට දින 500කට වැඩි කාලයක් ජැකා ඉන්නෙ අයිසීයූ එකේ.

ඉන් එහා ජැකාගේ මොළය මැරිලා.

ජැකාව ස්වර්ගස්ථ කළ යුතුයි කියන තැනත් ඇතැම් පිරිස් ඉන්නවා.

ඔය අස්සෙ යූටියුබ් එකේ විලිසංගයක් නැති උන් ජැක්සන් නොමරා මරමින් හරි හම්බ කරගන්නවා.

කොහොම වුණත් ජැක්සන් මෙතැනින් වහා ඉවත් කළ යුතුය කියන සාකච්ඡාවත් තවම අවසන් වෙලා නැහැ.

ඡායාරූපය අරගලය සමූහයෙන්

ජැක්සන් ගැන කතා බහක් ඇති වෙලා තියෙන පසුබිමක බොහෝ දෙනෙක් මෙසේ සිය අදහස් දක්වා තිබෙනවා.

“අද මගේ තාත්තා ඉන්නෙත් ජැක්සන් ඉන්න විදිහට. ඒත් එයාට එක පැයකටවත් අයිසීයූ බෙඩ් එකක් නැතුව මේ මොහොතෙත් ඉන්නවා…”

‘සාමාන්‍ය කෙනෙක්ට තියා බෙහෙත් දෙන දොස්තර කෙනෙක් ගෙ අම්මෙක්ට ,තාත්තෙක්ට උනත් මැරෙන්න වෙන්නෙ ICU බෙඩ් එක ඕනම කරන වෙලාවක නැතිවුනොත්.අවුරුද්දක් ගියා.දැන් jakson ගැන වැඩි කතා නෑ.ඒ ගැන දැං මිනිස්සුන්ට අමතකයි.අපි හැමෝම මනුස්සයෝනි කියලා දැංවත් ඇන්තනී පවුල හිතනවානං….නැත්තං තව කීදෙනෙක් ඔය බෙඩ් එක නැතුව මැරේවිද?’

‘ජැක්සන් මහත්තයාගෙ ආත්මය හොල්මන් කරනවලු කෑගහනවලු හෙදි නිලධාරීන් I C U එකට යන්නත් බයයි කියල අද යූටියුබ් එකේ දාල මමත් ඇහුව ඒක.’

සත්‍ය වශයෙන්ම, මෙවන් තත්ත්වයක් තුළ එවන් අසාහය නළුවෙක් හෑල්ලූ නොකර ඔහු වෙනුවෙන් යමක් කරන එක ජැක්සන්ගේ පවුලේ උදවියට සතු කාර්යයක් නොවේ ද?

එසේ නැතහොත් මෙවැනි කයිකතන්දර කියන උන්ට ඔවුන් හරි ආකාර පිළිතුරු දිය යුතු නොවේ ද?





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: