hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 14, පෙ.ව. 11:45



ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව හැමෝම දන්නා කියන කාරණයක්.

අනතුරින් ජැක්සන් ඇන්තනී මහතාගේ ගෙලේ අස්ථි දෙකකට සහ පෙනහළුවලට හානි සිදුව ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

ඒ වගේම මේ වන විට ගොඩක් දෙනෙක් ඔහුට ඉක්මන් සුව පතන්න අමතක කරන්නේ නැහැ.

ඔහුගේ දේශපාලන මතය ගැන ගොඩක් දෙනෙක් බොහෝ දේ පවසනවා.

මේ ශෝකය තව තවත් දෙගුණ තෙගුණ කරමින් පෙරදින ජැක්සන් ඇන්තනි මහත්මයා අපි අතරින් සමුගත්තා කියන ව්‍යාජ නිවුස් කීපයක්ම සමාජ මාධ්‍ය හරහා සංසරණය වුණා.

ඇත්තටම ඒ සම්බන්ධයෙන් පසුගිය දවසක ඔහුගේ ආදරණීය බිරිඳ වන කුමාරි මුණසිංහ මහත්මිය ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කරා මෙවැනි දේවල් කරන්න එපා ජැක්සන් වෙනුවෙන් ඒ වගේ අසත්‍ය පුවත් මවාපාන්න එපා කියන දේ.

ඉතින් ඇය  හරිම සංවේදී ව ජැක්සන් ඇන්තනීගේ දැන් තත්වය සහ මිනිස්සු හිතාගෙන ඉන්න විදිහ විදිය පිළිබඳව අදහස් දැක්වූයේ මේ විදිහටයි.

“මම දැන සෝෂල් මීඩියා බලන්නේ නැහැ මොකද හිත රිදෙනවා කලකිරෙනවා. මේ වෙලාවේ මම කියන්නේ මෙච්චරයි ජැක්සන් හොඳට ඉන්නවා. ඒත් මාත් එක්ක හිනා උනා. මම යන්නම් කිවුවහම කට යන්තමින් සොලවලා එපා කියනවා වගේ පෙනුනා. ඉතින් මම තරම් ඒවා හොඳට දන්නෙ වෙන කවුද?”

ඉතින් ජැක්සන් ගේ අලුත් ම තත්ත්වය පිළිබඳව ඇය ඒ විදිහට අදහස් දක්වපු අතර  බොරු ප්‍රචාරයන් සමාජගත කරන්න එපා කියලා නැවත නැවත ඇය ඉල්ලා සිටියා.

ජැක්සන්ගේ ආදරණීය දරුවන් තුන් දෙනාත් මේ අනතුර නිසා  හරිම දුකෙන් ශෝකයෙන් තමයි කාලය ගත කරන්නේ.

නමුත් ඔවුන් නැවත වතාවක් කලා කටයුතුත් පටන් අරගෙන කියලා ආරංචි වෙනවා.

ඉතින් ඒ සම්බන්ධයෙන් කුමාරි මුණසිංහ මහත්මිය අදහස් ඉදිරිපත් කළේ මේ විදිහටයි.

“දැන් අපේ ආර්ථික තත්වය පවා පහළට වැටෙනවා කියලා මට තේරෙනවා.ඒ නිසා පුලු පුළුවන් විදිහට හරි ආර්ථිකය ශක්තිමත් වන ආකාරයට හරි ඉදිරියේ කලා කටයුතු කරන්න සිදු වේවි. නැත්නම් කොහොමද අපි ජීවත් වෙන්නේ. අපේ දරුවෝ ජීවත් වෙන්නේ කලා කටයුතුවලින් හම්බ කරන දේවල්වලින්..දැනටත් මගේ ඇමරිකාවේ ජීවත්වන සහෝදරිය හා ජැක්සන් අයියාගේ පිටරට ඉන්න සහෝදරයෙක් තමයි උදව් කරන්නේ. හැමදාම ඒ අයට කරදර කරන්න බෑ ඒක හරි නෑ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: