hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 06, පෙ.ව. 10:35



තිලිණි ප්‍රියමාලිගේ මුල්‍ය වංචා සඳහා ආධාර සහ අනුබල ලබාදීමේ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනූ ලැබූ ජානකී සිරිවර්ධන, ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අලු‍ත්කඩේ වැඩබලන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා ඊයේ නියෝග කළා.

ඒ, සැකකාරිය අලු‍ත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ පස්වරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

බරපතල මූල්‍ය වංචා චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ වංචාවන් සඳහා ආධාර, අනුබල ලබාදීමේ චෝදනා යටතේ රිට්ස් කාල්ටන් සමාගමේ විධායක අධ්‍යක්ෂකවරියක් ලෙස කටයුතු කරන ජානකී සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තා.

ඒ, කොළඹ කොටුවේ පිහිටි රිට්ස් කාල්ටන් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදීයි.

අනතුරුව ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවාගෙන ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ තිලිණි ප්‍රියමාලිගේ මූල්‍ය ගනුදෙනු වංචනික අයුරින් සිදුකිරීම සඳහා ඍජුවම ජානකී සිරිවර්ධන මැදිහත් වී ඇති අතර, දුරකථන සංවාද පරීක්ෂා කිරීමේදී ඒ පිළිබඳව අනාවරණය වන බවයි.

ජානකී සිරිවර්ධන අධ්‍යක්ෂ ධූරය දරන ආයතනයට මුදල් ඉන්දියාවෙන් ලැබෙන බවත් පසුගිය කාලය පුරාම ඊට ඉන්දියාවෙන් මුදල් නොලැබී ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම එහි සේවකයන්ට මසකට වැටුප් සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් වැය වන බවද අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, ඔවුන්ට වැටුප් ගෙවීම සඳහා ජානකී සිරිවර්ධන තමන්ට ලැබුණු මුදල් යෙදවූවා ද යන්න පිළිබඳව සැකයක් පවතින බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: