hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 නොවැම්‍බර් 05, පෙ.ව. 6:54



තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංවාවලට සම්බන්ධ බව කියන ජානකී සිරිවර්ධනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තා.

ඇයව කොළඹ කොටුවේ පිහිටි ද වන් (The One) නමින් හඳුන්වන ක්‍රිෂ් ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයකදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ජානකී සිරිවර්ධන ක්‍රිෂ් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන අතර ඒ අනුව ඇයව එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලංකාවේ අනාගත උසම ගොඩනැගිල්ල ලෙස ගාලුමුවදොර ඉදිකරමින් පවතින ක්‍රිෂ් ගොඩනැගිල්ලේ නිවාස හා ව්‍යාපාරික ඒකක අලෙවි කරන මුවාවෙන් තිළිණි ප්‍රියමාලි මෙම ස්ථානයට ව්‍යාපාරිකයින් ගෙන්වා අත්තිකාරම් මුදල් ලබාගෙන තිබුණ බවත් වංචාවන් සිදු කර තිබූ බවත් මින් පෙර හෙළි වුණා.

මීට වසර 6 කට පණ පෙර ක‍්‍රිෂ් ඉඩම් ගනුදෙනුව සම්බන්ධයෙන්ද විමර්ශන ඇරඹී අතර ඒ කාලයේ ජානකී සිරිවර්ධනගේ නම මාධ්‍ය තුළ කථාබහට ලක් වුණා.

ජානකී සිරිවර්ධන නම් ව්‍යාපාරිකාව පසුගිය රාජපක්ෂවරු සමඟ ඉතා සමීපව කටයුතු කළ නාමල් රාජපක්ෂ මහතාගේ හිතවත්ම තැනැත්තියක්.

ජානකී සිරිවර්ධන ප්‍රවීණ සංගීතවේදී ජනනාත් වරකාගොඩ මහතාගේ බිරිදයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) පෙරවරුවේ අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධන වැඩිදුර රඳවා ගෙන ප්‍රශ්න කිරීමට උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: