hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 20, පෙ.ව. 7:21



ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් දැනට 15 දෙනෙකු පිළිබඳව සැක මතුවී ඇති බව වාර්තා වනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුද්ගලයන් 30 කට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති අතර ඝාතනය සම්බන්ධ විමර්ශනයේදී ෂාෆ්ටර්ගේ සමීපතමයින් කිහිපදෙනෙකුද පිළිබඳ දැඩි අවධානයක් යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 15 වනදා පස්වරුවේ දිනේෂ් ෂාෆ්ටර් නිවසෙන් පිටත්ව ගොස් තිබුණේ හමුවක් සඳහා යන බව බිරිඳට පවසමින් වුවද ඔහුගේ විධායක නිලධාරියා පොලිසියට ප්‍රකාශ කර තිබුණේ ෂාෆ්ටර් රුපියල් කෝටි 143 ක ණය මුදලක් සම්බන්ධයෙන් ආරවුලක් පවතින ක්‍රිකට් විස්තර චිචාරක බ්‍රයන් තෝමස් හමුවීමට යන බවට තමාට සදහන් කළ බවයි.

මේ අතර බ්‍රයන් තෝමස් ඝාතනය සිදුවූ දිනට පසුදින අදහස් දක්වමින් කියා සිටියේ එදින තමන්ට ෂාෆ්ටර් ගෙන් කෙටි පණිවුඩයක් ලැබුණු බවයි.

ඔබ එනතෙක් මා රැඳී සිටිනවා යනුවෙන් ඔහුගෙන් ලද, කෙටි පණිඩුඩයේ සඳහන් වුවත් එවැනි හමුවක් යොදාගෙන නොතිබූ පසුබිමක් තුළ ලද කෙටි පණිවුඩය පිළිබඳ තමාට ගැටළුවක් මතුවුවද ඊට ප්‍රතිචාර දක්වමින් තමන්ද කෙටි පණිඩුයක් යොමුකළ බවයි බ්‍රයන් තෝමස් සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට සිදුකර ඇති විමර්ශන අනුව සිද්ධිය වූ කාල සීමාව තුළ බ්‍රයන් තෝමස් නිවසේ රැදී සිට ඇති බව ඔහුගේ නිවසේ සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමේදී තහවුරු වී තිබෙනවා.

ඝාතනය සිදුකළ පාර්ශවය විසින් අවධානය වෙනතකට යොමුකිරීම සඳහා ෂාෆ්ටර්ගේ දුරකථනයෙන් බ්‍රයන් තෝමස් වෙත කෙටි පණිවුඩයක් යොමුකරන්නට ඇති බවටයි විමර්ශන නිලධාරින් සැකපළ කරන්නේ.

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනයේ සුලමුල එළියට – ඝාතනයට මොහොතකට පෙර ආ SMS පණිවිඩය මෙන්න

කෝටි ගාණක් දෙන්න මඟට එන්න කියලා ජනශක්ති සභාපති කනත්තෙදී මැරුවේ කවුද?

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: CCTV දර්ශන එළියට

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: හෝඩුවාවන් කිහිපයක් එළියට  

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: ඝාතනයට හේතුව එක්ක තවත් කරුණු රැසක් එළියට

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: සහෝදරයෙකුගෙන් ට්විටර් පණිවිඩයක්

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය පිටුපස ක්‍රිකට් වලට සම්බන්ධ අයෙකුත්

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය : සැමියා ගැන පළමු හෝඩුවාව බිරිඳගෙන්

ජනශක්ති සභාපති ඝාතනය : බොරැල්ල කනත්තේ කම්කරුවෙකු සියසින් දුටු දේ පාපොච්චාරණය කරයි