hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 10, පෙ.ව. 12:01



පසුගිය දිනෙක කඳාන පල්ලිය පාරේ ඇවිද ගිය අද්භූත කාන්තාවක් (මරියතුමියට සම යැයි කියමින්) වෙතට මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ ගැන සමාජ මාධ්‍යයේ හුවමාරු වන සටහනක් පහතින්….

‘මේ දිනවල සමාජ මාධ්‍ය තුල සංසරණය වන මරියතුමිය හා සමාන මෙම කාන්තාවක් යැයි සිතන පුද්ගලයා මීගමු පාර අවට සිටින බහුතර ජනතාවගේ ජංගම දුරකථන තුල පටිගතව තිබේ.. ඇත්තටම මේ කවුද ? ප්‍රදේශවාසින්ගෙන් හා බොහෝ දෙනා පවසන පරිදි මේ පුද්ගලයා එම අසල පල්ලියකට ගොස් නැවත සිය නිවස කරා එන අතර මගදී මෙලෙස අනෙකුත් පාරේ ගමන් ගන්නන් දැක තිබේ.. ඇත්තටම මොහු ආරංචි වන පරිදි තම පුද්ගලික භාරහාරයක් වෙනුවෙන් මෙලෙස සැරසී දිනපතා පල්ලියට යාතිකා කිරීමට යන පුද්ගලයෙකි. ප්‍රදේශයේ ඇතැම් පුද්ගලයින් පවසාසිටින්නේ මොහු මනස විකෘතී වූ පුද්ගලයකු බවටයි, කෙසේ නමුත් මොහුගේ මෙම සංසරණය රට තුල මේවන විට විශාල කතාබහකට මුල පුරා ඇත. ඇතමුන් සමාජ මාධ්‍යජාල තුල පවසා සිටින්නේ මොහු තවත් අවලෝකිතේශ්වරයකු ලෙස මතුවිය හැකි බවටයි!!’

මේ අතර, මෙම අද්භූත කාන්තාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ හුවමාරු වන කමෙන්ටුවක් වෙතට බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබෙනවා.

එම කමෙන්ටුව පහතින්,

‘රුසියන් කෙනෙක් කියලයි කියන්නෙ.. පොලිසියටත් එක්කන් ගිහිල්ලා තියෙනවාලූ දෙතුන් තැනක ඔහොම ඉඳලා. දන්න විදිහට ඉතින් ඊයේ රෑලූනේ ඔහොම කඳාන පල්ලිය පාරේ ඉඳලා තියෙන්නෙ. හරිම පිං පාට මූණක් තියෙන්නෙ දේවමෑණියන්ගේ පිළිමවල වගේම. ඒකයි ගොඩක් අය වරදවා වටහාගෙන තියෙන්නෙ…’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: