hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 පෙබරවාරි 15, පෙ.ව. 12:00



සුදු පැහැති ඇඳුමකින් සැරසී රාත්‍රී කාලයේදී කඳාන නගරය තුළ සැරිසැරූ මෙම කාන්තාව සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරා සමාජය තුළ දැඩි කතාබහකට ලක්වුණා.

විදෙස් කාන්තාවක බවට සැකකළ හැකි ඇය මරියා තුමියගේ ස්වරූපය නිරූපණය කරන බවද ඇතැමුන් පැවසුවා.

ඒ අනුව ඇගේ අනන්‍යතාවය සම්බන්ධයෙන්ද සමාජය තුළ පැවතියේ දැඩි කුතුහලයක්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කඳාන පොලිසියෙන් සඳහන් කළේ ඇය රුසියානු ජාතික කාන්තාවක් බව, සිදු කළ පරීක්ෂණ වලදී හෙළි වූ බවයි.

ඇය මෙරටට පැමිණ බෞද්ධ දර්ශණයේ පවතින භාවනා ක්‍රම සම්බන්ධයෙන්අ ධ්‍යයන කටයුතු වල නිරත වන බවටද පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

ඇය කතෝලික ආගමේ කාන්තාවක් වුවද බෞද්ධ දර්ශණය සම්බන්ධයෙන් ඇති ළැදියාව මත ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන බවත් ඒ අතරතුර කඳාන ප්‍රදේශයේ පිහිටි කතෝලික පල්ලියක් වෙත යමින් සිටියදී රූ ගත කළ දර්ශන සමාජ මාධ්‍යයේ සංසරණය වී ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: