hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 01, පෙ.ව. 5:10



අම්පිටිය මී කණුව මාර්ගයේදී 17 හැවිරිදි පාසල් සිසුවකුට ලාම්පු තෙල් වත්කර ගිනි තබා බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මහනුවර මූලස්ථාන පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මහනුවර, අම්පිටිය ශාන්ත බෙනඩික් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන බර්නි සපෝන් නම් මෙම සිසුවා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් අම්පිටිය මී කණුව ප්‍රදේශයේ වෙසෙන මිත්තණියට දැනුම් දීම සඳහා තම පියා සමඟ මාර්ගයේ ගමන් කරන අවස්ථාවේ ඔහුගේ පියාගෙන් මුදල් ඉල්ලා ඇති මැරවරයා මුදල් නොදීම හේතුවෙන් උරණව සිසුවාගේ ඇඟට ලාම්පු තෙල් වත්කොට ගිනි තබා ඇති බව සඳහන් වෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු ඇතුළු කණ්ඩායමක් දිගු කලක සිට අම්පිටිය ප්‍රදේශයේ ජනතාව බිය වද්දමින් කප්පම් ලබාගැනීම ඇතුළු දාමරික ක්‍රියාවල නිරත වුවද මොවුනට ඇති බිය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව පොලිසියට පැමිණිලි නොකරන බවද ප්‍රදේශවාසීහු පවසයි.

අම්පිටිය දඹවෙල හා සෙමනේරිය වත්ත ආශ්‍රිත ප්‍රදේශයකදී  ප්‍රදේශවාසී පිරිසකගේද සහාය ඇතිව පොලිසිය විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අත්බෝම්බයක් හා ලාම්පුතෙල් තිබූ බවට සැක කරන ප්ලාස්ටික් භාජනයක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත පරීක්‍ෂණ පැවැත්වෙයි.

ශරීරයේ පිලිස්සීම් හේතුවෙන් බරපතළ තුවාල ලබා ඇති සිසුවා මේ වන විටද මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: