hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 16, ප.ව. 5:40



මහනුවර මෙන්ම දිවයිනේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වූ මංගල ගුණවර්ධන යන අය තම පෞද්ගලික ගිනි අවියෙන් ගෙල ප්‍රදේශයට වෙඩි තබාගෙන මියගොස් ඇති බව පොලිසිය කියයි.

මෙම කෝටිපති ව්‍යාපාරිකයා මහනුවර, පල්ලෙකැලේ, දිගන, තෙල්දෙනිය මෙන්ම දිවයිනේ ප්‍රධාන නගරවල ව්‍යාපාර රැසක හිමිකරුවෙක් වන අතර ඒ අතර රථ වාහන අලෙවි ආයතන, උකස් ගැනීමේ මධ්‍යස්ථාන, ලී බඩු ව්‍යාපාර, විවිධ වෙළද ඒජන්සි ඇතුළු මහා පරිමාණයේ ව්‍යාපාර රැසක්ද වන බව සඳහන් වෙනවා.

ඔහු ඊට අමතරව මහා පරිමාණයෙන් පොලියට මුදල් දීම සිදුකොට ඇති බව පැවසෙන අතර තම ව්‍යාපාර පවත්වාගෙන යෑමේ පහසුව මත ඔහු දිගන හා තෙල්දෙණිය ප්‍රදේශයේ කාර්යාල කීපයක්ද පවත්වාගෙන ගොස් තිබෙනවා. 

දොන් රජීව මංගල ගුණවර්ධන නම් වූ 54 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා දිගන මංගල යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වා ඇති අතර ඔහු මෙරට ප්‍රබල දේශපාලඥයන්, ප්‍රබල ව්‍යාපාරිකයන් හා සමාජයේ උසස් පුද්ගලයන් රැසක්ද ඉතා සමීපව ඇසුරු කරන්නෙක් වශයෙන් ප්‍රකටව සිට තිබෙනවා.

මෙම පුද්ගලයාට මහනුවර ප්‍රදේශයේ ගොඩනැඟිලි රැසක්ද හිමිව තිබූ අතර ඔහුට අයත් දිගන නගරයේ පිහිටි තෙමහල් ව්‍යාපාරික ගොඩනැඟිල්ලක ඔහුගේ කාර්යාලයේ දී අද (16) පස්වරු 12.15ට පමණ රිවෝල්වර ගිනි අවියකින් වෙඩි තබා ගෙන ඇති බවට සැක කරන බව පොලිසිය පවසයි. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: