hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 මැයි 19, ප.ව. 3:10



අපි හැමෝම ආදරය කරන කෙනෙක් තමයි කවිහාරි හපුතන්ත්‍රි කියන්නේ.

එහෙමත් නැත්නම් ජානු කියන්නේ.

ඉතින් ජානු ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑ.

ඇය කොහොමත් රූමත් හැමෝම දන්න ජනප්‍රියම දක්ෂම ආදරණීයම රංගන ශිල්පිණියක්.

ත්‍රී රෝද රථයක් තුළ අතවරයට ලක් වන්නට ගිය නැඟී එන ජනප්‍රිය නිළියක් සම්බන්ධ පුවතක් ඒ සමයේ කතාබහට ලක්වුණා ඔබට අමතක නැතුව ඇති.

කෙසේ වෙතත්, එම සිදුවීමට සැබැවින් ම මුහුණ පෑවේ තමන් බැව් ජානු ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත නිරූපණයේ යෙදෙන කල්හාරි හපුතන්ත්‍රී සඳහන් කරනවා.

ඇය මේ වග සඳහන් කළේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි.

‘මම තමයි ත්‍රීවිල් එක ඇතුලේ Rape වෙන්න ගිය නැගී එන නිළිය…මම මේක කියන්නේ පලමු වතාවට.. කිසිම ප්‍රෝගෑම් එකකවත් මම මේ කතාව මීට කලින් කියලා නෑ. එදා ඉවෙන්ට් එකක් තිබුණා. ඒ වෙලාවේ හයියෙන් වහිනවා. හවස 6ට විතර ඇති.. පස්සෙ මම පීක්මී එකක් දැම්මා. කාර් තිබ්බේ නෑ, ඊටපස්සෙ ත්‍රීවිල් විතරයි තිබුණේ… මම ඉතින් ත්‍රීව්ල් එකක් දැම්මා. නැග්ගා කොහොම හරි ත්‍රීවිල් එකට… ත්‍රීවිල් එකත් කලුපාටයි. එහෙම ගියා….’

‘ත්‍රීවිල් එකට නැග්ග ගමන් ඒ මනුස්සයා ඇහුවා, ‘මේ ඔයාගේ ගෙදරද’ කියලා. මම ඇහුවා, ‘ඔව් ඇයි?’ කියලා. පස්සෙ එයා මුකුත් කිව්වේ නෑ. ටික දුරක් ගිහින් ඇහුවා, ‘වැස්සනේ අපි ටිකක් නතර කරන් ඉඳලා යමුද’ කියලා ඇහුවා. මම කිව්වා, ‘මට බෑ, මට පරක්කු වෙලා තියෙන්නෙ, ඉක්මණට එක්කන් යන්න’ කියලා. ‘මේ යන පාර ඔයා දන්නවද?’ ගගා අහන්න ගත්තා. එතකොට මට දැණුනා මූ අනම් මනං වලට එන්නෙ කියලා…’

‘මම පස්සෙ මගේ ලයිව් ලොකේෂන් එක ශෙයා කළා ජානු එකේ ප්‍රඩක්ෂන් මැනේජර්ටයි, හොඳම යාලුවටයි.. මම එයාලට මැසේජ් එකකුත් දැම්මා, ‘මේ මනුස්සයා එක එක ඒවා අහනවා, වැස්ස නිසා බහින්නත් බෑ, මට පරක්කුත් වෙලා තියෙන්නෙ. ඔයාලා ලයිව් ලොකේෂන් බලාගෙනම ඉන්න’ කියලා මං කිව්වා. ටික දුරක් ගිහින් ඇහුවා, ‘අපි නතර කරන් ඉමුද’ කියලා. මේ මනුස්සයා එකපාරම ඇතුල් පාරකට දාලා නතර කළා ටුක් කළා. දැන් මම වෙව්ලනවා. පස්සෙ මගේ යාලුවට කෝල් කළා. යාලුවා කිව්වා ‘ශේප් එකේ කවර් කරපු පැත්තක් අරින්න’ කියලා. අර මනුස්සයා කන්න වගේ මගේ දිහා බැලුවා. මම ඇහුවා ‘ඇයි නතර කළේ’ කියලා….’

‘මම පනිනවා කියලා හිතන් හිටියේ, එයා පිටිපස්සට ඇවිල්ලා මට කරදර කරන්න පටන් ගත්තා. එයා හෙන චූටි.. මම උස මහතයිනේ. මම දඟලලා එයාව තල්ලු කරලා ත්‍රීවිල් එකෙන් පැන්නා. ෆෝන් එක විතරයි ගත්තෙ, බෑග් එක හම්බුණේ නෑ තාම. ඒ මනුස්සයා අල්ලස් හා දූෂණ එකේ වැඩ කරන කෙනෙක්. අනික එයා ලෝයර් කෙනෙක්. එයා තමයි මට කරදර කරන්න හැදුවේ. තාම නඩු යනවා. එයා පොලිසියට කියනවලූ, මම සල්ලි නොදී පැන්නා කියලා. මෝඩ මනුස්සයෙක්. මොකද මම ඒකට පේමන්ට් කරලා තිබ්බෙත් කාඩ් එකෙන්… බෑග් එකේ ගෙදර ‘කී’ එකත් තිබ්බා. ඒ නිසා ම මම ගෙදරත් මාරු කළා…’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: