hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 30, ප.ව. 12:53



කාවිංග පෙරේරා කියන්නේ අපි හැමෝම දන්නා හඳුනා චරිතයක්.

කළා ක්ෂේත්‍රයේ ඉහලටම ගිය හැමෝගෙම ආදරය දිනාගත් අයෙක් හැටියට තමයි ඔහු අපි හැමෝම හඳුනන්නේ.

ඔහු රංගනයෙන් වගේම අද වෙද්දී නිවෙන්දනයෙන්ද දස්කම් දක්වමින් තමයි රසිකයන් තම ආදරය එකතුකරගන්නේ.

ඔහු විවාහක තරුණයෙක්. ටික කාලයකට පෙර තායි ඔහු විවාහ වුනේ.

නිර්මාණ කටයුතුවල ඉදහිටක දකින්න පේන්න ඉන්න කාවිංග, නිවේදකයෙක් විදිහටත් කටයුතු කරනවා.

සරල විදිහට ජීවිතයගත කරන කාවිංග අදටත් පසුතැවෙන එක්තරා හේතුවක් තියෙනවා.

ඒ තමයි කාවිංගගේ ආදරණිය මවගේ සහ පියාගේ වියෝව.

ඔහුට ආදරණීය නංගි කෙනෙක් ඉන්නවා ඉතින් මේ දෙන්නගෙන්ම විවාහ මංගල්‍ය උත්සව වලට අම්මයි තාත්තයි හිටියේ නෑ ඔවුන් ජීවතුන් අතර නැහැ.

ඉතින් ඒ සංවේදී අවස්තාව පිළිබඳව එක්තරා වැඩසටහනකට ඇවිත් කාවිංග කිව්වේ මේ වගේ කතාවක්

“කොච්චර මගේ යාළුවෝ හිටියත් අම්මා කෙනෙක්ට සහ තාත්තා කෙනෙක්ට දුකක් කියනවා තරම් ඒක ෆිල් වෙන්නැහැ. මට මතක් වෙනවා රූපවාහිනී නාලිකා වල ගොඩක් දෙමව්පියෝ ගෙනල්ලා කරන වැඩසටහන් තියෙනවා. ඉතින් මම නිවේදකයෙක් විදිහට ගොඩක් ආසාවෙන් හිටියා මගේ අම්මවත් program එහෙකට ගෙනල්ලා මෙහෙම  පැත්තක තියලා කතා කරන්න. සමහර වෙලාවට fathers day තියෙන දවසක මට හිතෙනවා අප්පච්චි ගෙනල්ලා සෆ්ප්‍රයිස්  කරන්න තිබුණානේ කියලා.  කමක් නෑ කවද හරි දවසක අම්මයි අප්පච්චිවයි හම්බවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.මම ආසයි අම්මා  අප්පච්චි හරි පුතේ කියලා කතා කලොත් එක දවසකට හරි යන්න පුළුවන් වුනොත් ඒ දෙන්නා ගාවට යන්න.මගෙ නංගි මහත්තයයි රට ගියා.මනුස්සයෙක් තනි වෙන්න ඕන ජීවිතේ තනිකම කියන දේ තේරෙන්න.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: