hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 20, ප.ව. 1:10



නිවෙස් වලට රාත්‍රී කාලයේ දී එබී බැලීමේ සිද්ධියක් මුල් කරගෙන දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි අඟුරුවාතොට පොලීසිය සඳහන් කරනවා.

සිද්ධියට සම්බන්ධ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සැරයන්වරයකු පහර දීමට යොදා ගත් යකඩ පොල්ලක් සමඟ පොලිසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේ.

සැරයන්වරයාගේ සමීප ඥාතියෙකු අඟුරුවාතොට ඈගල්හේන හංදිය ප්‍රදේශයේ නිවාසවලට රාත්‍රී කාලයේ දී එබිකම් කර බැලීමේ සිද්ධියකට එම ගමේම පිරිසක් එම පුද්ගලයාට පසුගිය 17 වැනිදා පහරදීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය සඳහන් කළා.

පහරදීමට සම්බන්ධ පුද්ගලයන්ට නිවාස වලට එබිකම් කර බැලි යැයි කියන පුද්ගලයාගේ බෑනා වන සැකකාර සැරයන්වරයා සහ යුද්ධ හමුදාවේ සේවය කරන පුතෙකු සහ තවත් පිරිසක් එක්ව පෙරේදා (18) රාත්‍රී යකඩ පොලුවලින් සහ මන්නයකින් පහරදී ඇතැයි පොලීසිය සඳහන් කරනවා.

එහිදී තුවාල ලද පුද්ගලයාගේ හිසට සහ දකුණු අතට මන්නා පහරක් එල්ල වීමෙන් බරපතල තුවාල ලබා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි සිද්ධියට සම්බන්ධ හමුදා සෙබළෙක් ඇතුළු තවත් පිරිසක් ප්‍රදේශය හැර පලා ගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බව පොලිස් පොලිස් නිලධාරියකු පැවැසුවා.  

සැකකාර ගුවන් හමුදා සැරයන්වරයා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 

අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද  සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: