hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 13, පෙ.ව. 6:58



මාධවී ඇන්තනී කියලා කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ආදරණීය සුරූපී එකම දියණිය කියන එක අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

ඉතින් ඒ වගේම තමයි ඇය ජනප්‍රිය නිවේදිකාවක්, ගායිකාවක්, නිලියක් වගේම දක්ෂ කථිකාචාර්යවරියක් වගේම මේ වෙනකොට ආදරණීය සුන්දර බිරිඳක් විදිහට ජීවිතේ හරිම කාර්යබහුල කාන්තාවක් විදිහටත් ඇයව හදුන්වන්න පුළුවන්.

ජැක්සන් ඇන්තනිගේ ආදරණීය එකම දියණිය වගේම පවුලේ වැඩිමලා වන මාධවී ඇන්තනී පිළිබඳව පහුගිය දිනවල අපේ රටේ අතිශයින්ම කතා බහට ලක්වුණා.

කොහොම හරි මේ විදිහට මේ පුංචි පවුල ගොඩක් සතුටින් ජීවිතය ගත කරද්දී පසුගිය දවසක නොසිතූ විරූ ආකාරයෙන් මාධවීගේ ආදරණීය තාත්තා වන ජැක්සන් ඇන්තනි මහත්මයා අනතුරකට පත් වුණා.

ඒ අනතුරු නිසා ඔහු තවමත් සිහිසුන් තත්ත්වයෙන් තමයි පසු වෙන්නේ.

පසුගිය දවසක ඇය තමන්ගේ තාත්තා ඇයට පුරුදු කරපු ජපන් කෑම වර්ගයක් ආහාරයට ගැනීමට අවන්හලකට ගිහින් තිබුණා.

හැබැයි එදා තාත්තත් එක්ක කෑම කන්න ගියත් අද නම් තාත්තා නැතුව තනියම තමයි ඇය ගිහින් තිබුණේ.

එය අවස්ථාව සිහිපත් කරමින් මාධවී ගත් සුන්දර ඡායාරූප කිහිපයක් සමග තාත්තවත් මතක් කරලා සංවේදී සටහනක් මුහුණ පොතට එකතු කරලා තිබුණා.

ඉතින් මේක දැකපු එක්තරා රසිකයෙක් තාත්තටයි මල්ලිලාටයි ලැජ්ජ කරන්න එපා කියලා කමෙන්ට් එකක් මේ පින්තූර වලට යටින් එකතු කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: