hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:17



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

ධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට  විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.

මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා  දුරදිග ගෙනියන්න.

දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා.

ඇය නමින් ස්වේතා.

අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගෙ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.

මධුමාධව හරි අපුරු පෝස්ටුවක් සිය මුහුණුපොතට එකතු කර තිබුණේ මෙලෙසයි.

කැනි මඩල පලාලා

සුනු විසුනු කලා බැරියර්…….

මේ තමා මම ආසම කොමෙන්ට් එක…

ඒකෙ ආදරය..

උපහාසය.. දෙක තුනම තිබ්බ….

ඒක ලියපු නිර්මාණශීලී මිනිසා හෝ ගැහැනියට ස්තුති වෙන ගමන්….

හොයා බැලූ, ඉන් බොක්ස් වල කියවල ඉවර කරන්න බැරි තරම් හොයපු, w up, sms, call මේ හැම විදිහටම ආදරේ දුන්න හැමෝටම ස්තූතියි…….

නින්දෙන් නැගිට්ටවූ වෝටර් බැරියර් නොතිබුනානම්… කතාව වෙනස් වෙයි…ඒ නිසා ඒකට දඩ ගෙව්වට පව් නෑ..

වෝටර් බැරියර් දහයක් ටක ටක ගාල වැදිල නින්දෙන් ඇහැරුව විතරක් නෙවෙයි වේගයත් අඩාල කරල දුන්න…

ඒ මනුස්සයෙක් උනානම්…

පොලිස් ඇප ලැබෙන්නෑ ගොයියො…

හයි වේ එකෙන් පිට වෙන වාහනයක් , ලොරියක්, බවුසර් එකක් ඉස්සරහට ගියානම්.. අද මම නෑ.. බොල ඉන්නවා.. මට එහෙ ගිහිනුත් හූල්ල්ල මැරෙන්න වෙන්නෙ..

මාව නරක් කරන්නෙ,මගෙ නෝන..

මගෙ මහත්තයට හීරිලවත් නෑ නෑද අහල..

වෝටර්බරියර් වලට පිං පතුව එයා….

උන් කුඩු පට්ටම් උන එක ගැන සතුටු උනා…

ඒ වගේම මගේ වටිනකම මට කියාදුන්..

ආදරනීය ගොසිප් වැසියන්…

මාව නොගිය කූඩුවෙ දාල හරි ..

හැම පත්තරේම මුල් පිටුවෙ තියපු, සහ ඒව රූප පෙට්ටිවල කියවපු අපේ උන්ටත් ස්තුතියි ….

දිග හෑලි ලියල , දැන් මම නැති දේශපාලන පක්ශවල නම් ලියල මම බුදුසාදුට වගේ සම කරන්න හදපු සුන්දරයොත් මාව දන්න අයත්දන්නව මන් නමින්ම මදු …..කනවා, බොනවා..

මදු මිසක් බුදු නෙවෙයි…මම

හීරිල්ලක්වත් නැතිව අවසන්

නිදි මදු සමය ඉවර උන සද්දය මට නැගිට්ටුව, ඒ නැගිට්ට මට මම ම ආදරේ කරයි මීට වඩා..

යකූ……කලින් කියනන් තිබ්බනෙ…

ඔයතරම් මන් ගැන හොයනවා කියල..

එහෙනම් මීට වඩා හොදට යමක් කරගන්නව..හීරිල්ලක්වත් නැතිව මෙහෙම හොයනවා කියල දැනන් හිටියනම්, යාලුවෙක්ව දාගෙන ගිහින් ඒකගෙ,අතක් පයක් හරි කඩනවා අම්මප..

ඇත්ටටම කියන්නෙ…

ආදරෙන් ඒහෙම් හෙව්වත්

අදරේ නැතිව එහෙම හෙව්වත්….

ඒ හැමොම මාව හොයලා, තිබ්බ…

උන්ට මාව මතක තිබ්බ…..

එහෙනම්… ඊලග අඩව්ව අල්ලනකම්…

මදු සම්බන්දයි……

මදු මාදව බැරියර් බින්ද…





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: