hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 01, පෙ.ව. 7:49



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

මේ කියන්න යන කතාවත් ඔහුගේ මුහුණු පොතෙන් අපි උපුටා ගත්තු කතාවක් ඔහු නිසදෙසක් එකතු කරලා තිබුණා තමන්ගේ සමාජ මාධ්‍ය  ගිණුමට මම ලෑස්තියි තනි තටුවෙන් පියාඹන්න කියලා.

ඒ වගේම වැඩිදුරටත් කියලා තිබුණා අපි හිතන දේවල් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ හැමෝටම තියෙනවා අවසානයක් ඒ අවසානය වෙනකන් අපි හැමදේම දරාගමු කියන දේ.

හැබැයි මේ විදිහට ඔහු තනි තටුවෙන් පියාඹන්න පුළුවන් කියලා සඳහන් කරලා ඔහු රෝහල් ගත වෙලා ඉන්න ඡායාරූප කීපයක් සහ ඒත් සමගම පාදයක් ඉවත් කරලා ඒකට ප්‍රතිකාර කරන අවස්ථාවක ඡායාරූප එකතු කරලා තිබුණා.

ඇත්තටම එහෙම වුණේ මධුමාධවට ද කාටද කියලා ඔහු සමාජ මාධ්‍ය ගිණුම හරහා කියලා තිබුණේ නැහැ.

නමුත් මේ සඳහා ඔහු දාලා තිබුනේ ඔහුගේ ඡායාරූපයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: