hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ඔක්‍තෝබර් 25, පෙ.ව. 8:53



චන්න පෙරේරා කියන්නේ මෙරට ආදරණිය කළාකරුවෙක්. ඒ වගේම අධ්‍යක්ෂකවරයෙක්. ඔහු ගැන හැමෝම වගේ දන්නවා. වයසට නොයන සිනමාවේ ආදරවන්තයා කියලත් ඔහුව හදුන්වන්න පුළුවන්. චන්න පෙරේරා තවමත් සිනමාව තුල ආදරවන්තයා තමයි.

වයසට නොයන පෙම්වතා තමයි ඔහු. චන්න කියන නම එක්ක කියවෙන අනිත් නම තමයි ගයාත්‍රි ඩයස් කියලා කියන්නේ. මොවුන් කාලයක් විවාහ වෙලා හිටියේ. ඒ විවාහයෙන් දියණියන් දෙදෙනෙක් ඉන්නවා. නමුත් මේ වෙද්දී ඔවුන් නීතියෙන් වෙන්වෙලා ඉන්නේ. ඒත් ඔවුන් තවමත් ආදරණිය ලෙස ජීවිතය ගෙවනවා. දරුවන්ගේ වැඩ කටයුතු වලදී අම්මා තාත්තා විදියට ඒ දෙදෙනා එක්ව සෑම දෙයක්ම සිදුකරනු ලබනවා.

පසුගිය දිනක චන්න සහ ගයාත්‍රිගේ ලොකු දුව මලීෂා තාත්තා සමගින් රූපවාහිනි වැඩසටහනකට සම්බන්ධ වනු ලැබුවා. එහිදී ඇය වෙනස්ම විදිහේ අදහස් කිහිපයක් ඉදිරිපත් කරනු ලැබුවා. අම්මයි තාත්තයි වෙන්වුන එක ගැන මම සතුටුයි. එයාලා දෙන්නා එකට ඉද්දි සතුටින් නෙවෙයි හිටියේ මම එක හොදින්ම දැක්කා. දැන් වෙනම ඉද්දි දෙන්නම සතුටින් ඉන්නවා. මට ඕන දෙන්නම සතුටින් ඉන්නවා දකින්න. ඒ දෙන්නා වෙන්වෙලා ඉදියට අපේ වැඩවලදී එකටමයි ඉන්නේ.

තාත්ති වෙන කෙනෙක් ගැන හිතනවනම් මම ඒකටත් සපෝට් කරනවා. එයාලා සතුටින් ඉන්නවා දකින්නයි මට ඕන කියලා මලීෂා කියා සිටියා. ඉතින් තාත්තිගේ සිනමා පටයක රගපාන්න ඇය අසාවෙන් ඉන්නවා කියලත් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: