hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 11, පෙ.ව. 11:36



අද අපි කතා කරන්න යන්නේ දෙරණ ලිට්ල් ස්ටාර් තරගාවලිය තුලින් ළමා ගායිකාවක් විදියට ක්ශේෂ්ත්‍රයට පැමිණි සුරූපි මනීෂා චංචලා ගැනයි.

සිදූ ටෙලිනාට්‍යයේ තෙරුණිගේ චරිතය ඔස්සේ අප අතරට පැමිණි මනීෂා ගායනයෙන් නිවේදනයෙන් වගේම රංගනයෙන් අප අතරට පැමිණ ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබා ගන්නට සමත් වුණා.

පුංචි තිරයේ හැඩකාරීය මනීෂා මේ දිනවල අපේ ආලින්දය හැඩ කරන්නේ මේනක රාජපක්ෂගේ ගුග්ලි ටෙලිනාට්‍යයේ ‘පහන්දි’ චරිතය හරහායි.

ගුග්ලි ටෙලිනාට්‍ය වගේම නිවේදන කටයුතුත් එක්ක මේ දිනවල කාර්යබහුල වෙලා ඉන්න මනීෂා පසුහිය දිනවල පුංචි තිරය ඔස්සේ දැකගන්න නොහැකි වුණේ ඇගේ විශාරද විභාගයත් එක්ක ඇය කාර්යබහුල වෙලා ඉන්න නිසා.

ඉතින් මේනක රාජපක්ෂ අධ්‍යක්ෂණය කරන ගුග්ලිහි පහන්දි කියන්නේ දෙමාපිය රැකවරණය නැති අගහිගකම් මැද ජීවත්වන ගැමි චරිතයක්.

ඒ විදියට ජනප්‍රිය වෙච්චි මනීෂා බොහෝ වශයෙන් දෙරණ නාලිකාවක් එක්ක සම්බන්ධ වෙලා තමයි වැඩ කටයුතු කළේ.ඒ විදිහට කාලයක් කලාවත් එක සක්‍රීය වැඩ කරපු ඇය  ජනතාව අතර ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තාම ඇයගේ ආදර අන්දරය පිලිබඳවත් ගොඩක් අයට හෙලිවෙන්න පටන් ගත්තා.

ඉතින් ඇය මේ විදිහට ආදරය කරන්න තෝර ගත්ත දෙරණ නාලිකාවේම ප්‍රවෘත්ති නිවේදකයෙක් විදිහට කටයුතු කරපු කලිදු නැමැති තරුණයයි.

එකෙන් ඔහුත් එක්ක තිබුණු මේ ප්‍රේම සම්බන්ධතාවය පිළිබඳව බොහෝ දෙනෙක් මේ වෙද්දිත් දන්නවා.

නමුත් අවාසනාවන්ත විදිහට මේ දෙදෙනා අතර ඇතිවූ නොගැළපීම් මත දෙන්නම මේ ප්‍රේම සම්බන්ධතාවය නවත්තලා කියලත් මේ වෙද්දි අපි දන්නවා.

දෙන්නම ප්‍රසිද්ධියේ ඒ සම්බන්ධව සඳහන් කරලා තිබුනා.

ඉතින් මනීෂා තවත් රංගන ක්ෂේත්‍රයේ දක්ෂයෙක් සමග ආදර සම්බන්ධතාවයක් පටන් අරන්.

ඒ සම්බන්ධතාවයක් මේ දෙදෙනා විසින් මේ වෙද්දි මාධ්‍යයට හෙළි කරලා අවසන්.

කලිදුගේ සම්බන්ධතාවය නැති වුණ නිසා දෝෂාරෝපණය කරලා රසිකයෙක ඒ මැසේජ් එකේ තියෙන්නේ පහත ආකාරයේ කතාවක්.

“තමුන් ගැන ලැජ්ජා වෙන්න.මොකද හලෝ ජීවිතය teledrama එක දෙකක රඟපාල දෙරණ වගේ දෙකයි පනහේ  චැනල් එකකින් පොඩ්ඩක් පිම්බූවම  වැඩිය උඩ යන්න එපා.කලිදි කියන්නේ අහිංසක මනුස්සයෙක්. තමුසෙ වගේ උන් ඔය ක්ෂේත්‍රයේ කොහොමත් 3,4 එක්ක  නිදාගන්න එක සාමාන්‍ය දෙයක්.”

ඉතින් මෙන්න මේ විදිහට මනීෂාට ආපු මේ පණිවිඩය ඇය තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම හරහා ඔහු එවු පණිවිඩයේ screenshot එකක් සමග  පළ කරනවා.

හැබැයි නිකන් නෙවෙයි ඇයත් සටහනක් තබමින්.

“ඔබට අවශ්‍ය වූ අවධානය ලැබුණා සාර්ථකයි.තවත් උවමනා නම් ඔබේ කසාද බඳින වයසෙ ඉන්න සහෝදරියක් ඔහුට කසාද බන්දලා දෙන්න අනිවාර්යෙන්ම උණ හොඳ වෙයි”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: