hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 03, ප.ව. 3:37



දේශීය තාක්ෂණ ආයතනයක සේවය කළ මිහිරාන් චතුරංග නැමති සේවකයෙක් සියදිවි නසා ගැනීමේ පුවතක් වාර්තා වෙනවා.

ඔහු විසින් ලියු ලිපියක්ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

ඔහුගේ සියදිවි නසා ගැනීමට හේතුව වී ඇත්තේ රාජකාරී කටයුතු වැඩි වීමයි.

ඔහු සිය ආයතනයෙන් සිව් වතාවක් ඉලා අස්වීමට උත්සහ කළද ඔහුට ඇහුන්කම් දීමට කෙනෙකු නොසිටීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන තිබෙනවා.

ඔහු සිය ආයතනය වෙත සිව් වතාවක් තමාට අස්විය යුතු බව දැනුම් දී තිබෙන බවට වූ ඊමේල් පණිවිඩ කිහිපයක්ද මේ වන විට මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

එහි එක් ඊමේල් පණිවිඩයක සඳහන් වන්නේ මෙවැන්නක්.

“අම්මගෙ සෞඛ්‍ය තත්වය එක්ක ගෙදර වැඩ වලට ටිකක් උදව් කරන්න ඕන බවත් හැමදාම උදේ 8.30 සිට හවස 6 වෙනකන් වැඩ කරන්න උත්සාහ කරන බවත් power cuts වෙලාවටත් වැඩ කරන බවත් කියලා ඔහුට සමහර කාරණා ගැන කතා කරන්න අවශ්‍ය බව ලියලා තියෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: