hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 03, ප.ව. 1:28



සිය සේවා ස්ථානයේ  පීඩනය දරාගත නොහැකිව සියදිවි හානි කරගත් තරුණයෙක් පිලිබද සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු  වෙනවා.

තණමල්විල පදිංචි මිහිරාන් චතුරංග නම් තරුණයා තොරතුරු තාක්ෂණික ආයතනයක රැකියාවේ නිරතව සිටි ඇති අතර ඔහු කීපවතාවක්ම රැකියාවෙන් ඉවත් වීමට අයදුම් කර තිබුනද එහි කළමනාකාරිත්වය එයට ඉඩ නොදීම නිසා ඔහු මෙලෙස සිය දිවි නසා ගත් බවයි සමාජ මාධ්‍යයේ සටහන් වන්නේ.

ඔහුගේ සියදිවි නසා ගැනීමට හේතුව වී ඇත්තේ රාජකාරී කටයුතු වැඩි වීමයි.

ඔහු එම ආයතනයේ පරිගණක ඉංජිනේරුවෙක්.

එමෙන්ම ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ උපාධිධාරියෙක්.

ඔහු විසින් සිය ආයතනය වෙත යොමු කළා යැයි සඳහන් ඊමේල් කිහිපයක් සමඟ පොස්ටුවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

එම සටහන පහතින්,

මිහිරාන් චතුරංග විසින් suicidal note එකක් ලියලා මැරෙන්න තීරණය කරන්න කලින් ඔහු තමන්ට ඇති ප්‍රශ්න නිසි ආකාරයෙන් විසද ගන්න සාකච්ඡාවක් පවා ඉල්ලලා තියෙනවා.

ඒ ඉල්ලන්නෙත් මාස ගාණකට කලින්.. ඔහු අවශ්‍ය ඕනම වෙලාවක ඉල්ලා අස් වෙන්න එකඟතාවය පළ කරලා තිබුණා වගේම 4 වතාවක් ඉල්ලා අස් වෙන්න ඉල්ලලා තියෙනවා.

ඔහු අදාළ ආයතනයේ වගකිව යුතු ඔහුගෙ බොස් කෙනෙක්ට යවපු email එකකට අනුව ඔහුට තිබුණ ප්‍රශ්න කියලා මෙහෙම දේවල් ටිකක් පෙන්නලා දීලා තියෙනවා.

අම්මගෙ සෞඛ්‍ය තත්වය එක්ක ගෙදර වැඩ වලට ටිකක් උදව් කරන්න ඕන බවත් හැමදාම උදේ 8.30 සිට හවස 6 වෙනකන් වැඩ කරන්න උත්සාහ කරන බවත් power cuts වෙලාවටත් වැඩ කරන බවත් කියලා ඔහුට සමහර කාරණා ගැන කතා කරන්න අවශ්‍ය බව ලියලා තියෙනවා.

1) රෑ 10න් පස්සෙ calls and messages – අත්‍යාවශ්‍ය production issue එකකට අමතරව රාත්‍රියෙදි සේවය සපයන්න දිගින් දිගටම අපහසු බව කියලා තියෙනවා. Superapp කියලා project එකකට දැනටත් මහ රෑ වුනත් සහය දෙනවා කියලත් තියෙනවා. ඒත් අනාගතයේදි දිගින් දිගටම ඒ දේ කරන්න බැරි වෙයි කියල තියෙනවා.

2) සති අන්ත calls- සමහර අය සති අන්තයේ කතා කරලා හදිසි සේවයක් බලාපොරොත්තු වෙනවලු. අඩුම ඔවුන් විමසන්නෙ නෑලු ඒ නිශ්චිත අවස්ථාවේ තමන්ට මේ සේවය සපයන්න පුලුවන්ද කියලවත්. Superapp කියන project එකට අප්‍රේල් වලින් පස්සෙ හැම පෝය දවසක්ම එයා කැප කරාලු. සති අන්තයේ එයාට පුලුවන් වෙලාවට සහය දෙන්න පුලුවන් නමුත් ඒකට ඔහුට නිදහස අවශ්‍ය බව කියලා තියෙනවා.

3) අනුන් භාගෙට කරපු projects කිසිම ඉවක් බවක් නැතිව ඇගේ පැටවීම- අනුන් කරපු projects වල තනි සම්පූර්ණ වගකීම නිසි Kt’s නැතිව තමන්ට ගන්න බැරි බව කියලා තියෙනවා.

4) පඩිය- ජූනි වල ඉදන් පඩි වැඩි වීමක් ගැන emails දෙකක් ආවත් එහෙම වැඩිවීමක් තාමත් වෙලා නැතිලු(මේ email එක ලියන්නෙ අගෝස්තු). කම්පැනිය මෙහෙම දේවල් කරන්නෙ තෝරගත්ත පිරිසකටද කියන්න ඔහු දන්නෙ නෑලු. පවතින උද්ධමනකාරි තත්වය එක්ක සියලුම ආයතන නියමිත විදියට පඩි කරනවලු. ආයතනය devices වලට, internet වලට හෝ exams වලට කිසිම දායකත්වයක් දක්වන්නෙ නැති එකෙ පඩි වැඩිවීමක් ගැන තමන් හිතමින් ඉන්න බව ඔහු කියනවා.

තමන් සමහර areas ගැන තවමත් ලොකු දැනුමක් නැති බවත් ඒවා ඉගෙන ගැනීමට තමන්ට යම් කාලයක් අවශ්‍ය බවත්, නැත්නම් තමන්ට එකම තැන කැරකෙමින් කිසි දියුණුවක් නැති තත්වයක් ඇති වන බව ඔහු පවසනවා. ඒ නිසා ඔහු බලාපොරොත්තු වෙලා තියෙනවා පෝය නිවාඩු දවස්, සති අන්ත දවස් සහ රාත්‍රි කාලවල් වල ලොකු අනවශ්‍ය බාධා කිරීම් නොකරාවි කියල. ඒ වගේම ඔහු masters කරන්න බලාපොරොත්තුවෙන් ඉදලා තියෙන්නෙ. දිගින් දිගටම මෙහෙම තත්වයක් නම් තියෙන්නෙ ඔහුට එය ගැටලුකාරි බව ලියලා තියෙනවා.

“වැදගත්ම කොටස”

ඉදිරි project එකේදිත් මේ ප්‍රශ්න මෙහෙමම ඉදිරියට යනවා නම් තමන් ඉක්මණින් ඉල්ලා අස්වෙන බව ලියලා තියෙනවා. “ඔබ මගේ ප්‍රශ්න සමඟ එකඟ වෙලා ඒවට විසදුමක් දෙන්න සුදානම් නැත්නම් මම ඔබේ කැමැත්ත පරිදි ඕනම වෙලාවක ඉල්ලා අස්වෙන්න සුදානම් ” කියලා ලියලා තියෙනවා. “ඔබ මාව මෙහෙයවන්නා සහ මගෙ වැඩ වලට සහය දෙන්නා නිසා යම් තීරණයක් ගැනීමට පෙර ඔබට දැන්වීම මගෙ යුතුකමක් ” කියලා එයාගෙ බොස් අයියාට ලියලා address කරලා තියෙනවා.

අගෝස්තු ඉදන් උත්සාහ කරලා තියෙනවා උත්තරයක් හොයන්න. මාස 4කට පස්සෙ එයා වෙනම උත්තරයක් හොයා ගන්නවා. මේවට suicides කියන්නත් පුලුවන්ද මන්දා..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: